මහන්සියෙන් හම්බකරගත් මෙරට සුපිරි සමාගම් අතර මහන්සි නොවි අර්ජුන් මහේන්ද්‍රගේ බෑනාගේ සමාගමේ ලාබය අංක එකට එයි..

2015 වසර සඳහා මේ වනවිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතුවල යේදී සිටින සමාගම් 22 ක් අතර ලාබ ලැබිමේ ප්‍රථමයා වීමේ භාග්‍යය හිටපු මහ බැoකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රගේ බෑන වන අර්ජූන් ඇලෝසියස්ගේ සමාගමට හිමිව ඇත.

පර්පච්චුවල් ට්ර්සුරිස් Perpetual Treasuries අර්ජූන් ඇලෝසියස් පවුලට අයත් වන අතර මේ සමාගම ආරම්භ කර වසර 5ක් වත් යාමට පෙර මේසා විශාල ලාබයක් එනම් රුපියල් කෝටි 520 ලබාගැනීමට සමත් වී ඇති අතර මෙම සමාගමේ සම්පූර්ණ ව්‍යයාපර කටයුතු වනුයේ ප්‍රයිමරි ඩීලර් වරයෙකු මහාබැoකුව හරහා රජයට මුදල් සැපයීමයි,

නෙස්ලේස්, හේලිස්, සිoගර්, එයිට්කන්ට් ස්පෙන්ස් වැනි වසර 100 කටත් වඩා පැරණි සමාගම් මෙන්ම වසර 25 ක් පමණ මෙරටේ තම ව්‍යාපාර කටයුතුවල යෙදෙමින්, රටේ විශාල ආයෝජන කරමින්, මෙරටේ රැකි රක්ෂා දහස් ගන්නක් බිහිකරමින්, දල ජාතික නිෂ්පාදනයට විශිෂ්ට සේවාවක් කරන එම සමාගම් 2015 වසරේ ලාබගත් ලාභය හා සoසන්දනය කිරීමේදී එම සමාගම් අභිබවා අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනගේ සමාගම ලාභ ඉපයීමට සමත්වීම ව්‍යයාපාර ලෝකයේ මේ දිනවල දැඩිව කතා බහට ලක්ව ඇත.

2015 වසරේ ලංකාවේ සමාගම් ලාභ ලබා ඇති ආකරය රුපියල් කෝටි වලින්..

1 . පර්පච්චුවල් ට්ර්සුරිස් – කෝටි 520යි [ රුපියල් මිලියන 5200යි]
2 . ඩයලොග් සමාගම – කෝටි 520යි [ රුපියල් මිලියන 5200යි]
3 . පීපල්ස් ලීසිo සමාගම – කෝටි 470යි [ රුපියල් මිලියන 4700යි]
4 . නෙස්ලේ ලංකා සමාගම් – කෝටි 410යි [ රුපියල් මිලියන 4100යි]
5 . සෙන්ට්‍රල් ෆිනැන්ස් සමාගම – කෝටි 390යි [ රුපියල් මිලියන 3900යි]
6 . සේලාන් බැoකුව – කෝටි 380යි [ රුපියල් මිලියන 3800යි]
7 . එන් ඩී බී බැoකුව – කෝටි 350යි [ රුපියල් මිලියන 3599යි]
8 . හේලිස් සමාගම – කෝටි 300යි [ රුපියල් මිලියන 3000යි]
9 . රෝයල් සෙරමික් – කෝටි 290යි [ රුපියල් මිලියන 2900යි]
10. නේසන්ස් ට්‍රස්ට් බැoකුව – කෝටි 260යි [ රුපියල් මිලියන 2600යි]
11. ලංකා ඉන්දීය ඔයිල් සමාගම – කෝටි 220යි [ රුපියල් මිලියන 2200යි]
12. ලයන් බෘවරීස් සමාගම – කෝටි 210යි [ රුපියල් මිලියන 2100යි]
13. රිචඩ් පීරිස් සමාගම – කෝටි 210යි [ රුපියල් මිලියන 2100යි]
14. එයිට්කන්ස් ස්පෙන්ස් සමාගම – කෝටි 200යි [ රුපියල් මිලියන 2000යි]
15. ටෝකියෝ සීමෙන්ති සමාගම – කෝටි 190යි [ රුපියල් මිලියන 1900යි]
16. කාර්ගිල්ස් සමාගම – කෝටි 160යි [ රුපියල් මිලියන 1600යි]
17. ආසිරි හොස්පිටල්ස් සමාගම – කෝටි 150යි [ රුපියල් මිලියන 1500යි]
18. සී අයි සී සමාගම – කෝටි 130යි [ රුපියල් මිලියන 1300යි]
19. එක්ස්පෝ සමාගම – කෝටි 110යි [ රුපියල් මිලියන 1100යි]
20. සිoගර් ශ්‍රීලංකා සමාගම – කෝටි 110යි [ රුපියල් මිලියන 1100යි]
21. පැන් ඒසීයා බෑන්ක් ලිමිටඩ් – කෝටි 100යි [ රුපියල් මිලියන 1000යි]
22 ඕඩේල් ODEL – කෝටි 29යි [ රුපියල් මිලියන 200යි ]

මීට අමතරව අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනගේ සමාගමට වඩා ලාභ ලබා ඇති සමාගම් 06 ක් පහත පරිදි වේ, මේ ආකාරයෙන්ම ලාබ ලබමින් මෙම සමාගම ව්‍යයාපර කටයුතුවල යෙදුනොත් ලබන වසරේදී එම සමාගම්ද අභිබවා ලාබ ලැබීමට මෙම සමාගමට හැකිය.

1. ජෝන් කීල්ස් සමාගම – කෝටි 1410යි [ රුපියල් මිලියන 14100යි ]
2. කෝමර්ෂල් බැන්ක් ලිමිටඩ් – කෝටි 1180යි [ රුපියල් මිලියන 11800යි ]
3. හැටන් නැෂනල් බෑන්ක් – කෝටි 1050යි [ රුපියල් මිලියන 10500යි ]
4. එල් ඕ එල් සී LOLC – කෝටි 850යි [ රුපියල් මිලියන 8500යි ]
5. සම්පත් බෑන්ක් පි එල් සී – කෝටි 660යි [ රුපියල් මිලියන 6600යි ]
6. ඩිස්ටලරීස් සමාගම – කෝටි 630යි [ රුපියල් මිලියන 6300යි ]


***මෙම වාර්තාව ඉහත සමාගම් වල වාර්ෂික වාර්තා හරහා ලබාගෙන පිලියෙල කරන ලද්දකි.



 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment