රට යන්න අවසර ඉල්ලූ යෝෂිතගේ තීන්දුව 22දා

රට යන්න අවසර ඉල්ලූ යෝෂිතගේ තීන්දුව 22දා

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධිකරණයෙන් ඇප නියමවී සිටින හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාට විදේශගතවීම සඳහා අවසර ලබාදෙන්නේද නැද්ද යන තීරණය ලබන 22 වැනිදා ලබාදෙන බව කොළඹ මහාධිකරණය අද (20) ප්‍රකාශ කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර් හෙයියන්තුඩුව මහතා විසින් මෙම නියෝගය ලබාදුන්නේය.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතවීමට අවශ්‍ය බවට පෙත්සමක් ඉදිරිපත් කරමින් යෝෂිත රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබුණි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment