ඩීසල් බද්ද නිසා බිලියන 2ක පාඩුවක් 

ඩීසල් බද්ද නිසා බිලියන 2ක පාඩුවක් 

ඩීසල් ලීටරයක් සඳහා වූ නිෂ්පාදන බද්ද වැඩි කිරීම හේතුවෙන් මසකට රුපියල් බිලියන 2ක පමණ පාඩුවක් සිදුවනු ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 2000ට ළඟාවනු ඇතැයි ද අමාත්‍යවරයා විදෙස් මාධ්‍ය ආයතනයක් වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත මුදල් අමාත්‍යංශය විසින් පසුගිය අගෝස්තු මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 3ක්ව පැවැති ඩීසල් නිෂ්පාදන බද්ද රුපියල් 10කින් වැඩි කළ අතර ඒ අනූව ඩීසල් ලීටරයක නව නිෂ්පාදන බද්ධ රුපියල් 13ක් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට මාස 36ක කාලයක් සඳහා ලබාදෙන අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ණය මුදලට අදාළව මෙම කොන්දේසී පැනවීම සිදුව ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් වෙළඳපොළේ ඩීසල් මිල ඉහළයාමක් එමඟින් සිදු නොවන බවද රජය පැවසීය.

"ඩීසල්වලට පොඩි ලාභයක් තියෙනවා. නමුත් පෙට්‍රල් පාඩුයි. මේ බද්ද නිසා අපේ නිෂ්පාදනවලටත් බද්දක් වදිනවා"

ආනයනික පිරිපහදු තෙල්වලට අමතරව සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් බැරල් 50,000ක් පමණ දිනකට වෙළඳපොළට නිකුත් කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment