'එජාපය වෙනස් වෙන්නේ නෑ' - මහින්දගෙන් ප්‍රකාශයක් (VIDEO)

'එජාපය වෙනස් වෙන්නේ නෑ' - මහින්දගෙන් ප්‍රකාශයක් (VIDEO)

එදා මෙන්ම අදත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස්වී නැති බවත් වෙනස් වී ඇත්තේ සමහරුන්ගේ ප්‍රතිපත්ති පමණක් බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

විවිධ පුද්ගලික වාසි ප්‍රයෝජන සඳහා හෝ ඇමතිකම් සඳහා එලෙස ප්‍රතිපත්ති වෙනස්වී ඇතත් ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති වෙනස්වී නැති බව රාජපක්ෂ මහතා තවදුරටත් කියාසිටියේය.

රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) දිවංගත විවියන් ගුණවර්ධන ජන්ම ශත සංවත්සර සැමරුම නිමිත්තෙන් කොළඹ නව නගර ශාලාවේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ රාජපක්ෂ මහතා," එක්සත් ජාතික පක්ෂය වෙනස් වෙලා නෑ. ඔවුන්ගේ ප්‍රතිපත්ති ඔවුන් වෙනස් කරලා නෑ. ඔවුන්ගේ ක්‍රියාකලාපයන් ඔවුන් වෙනස් කරලා නෑ. වෙනස් වෙලා තියෙනවා නම් වෙනස් වෙලා තියෙන්නේ අපේ සමහරුන්ගේ ප්‍රතිපත්ති විතරයි. ඒ පක්ෂෙ ප්‍රතිපත්ති නෙවෙයි." ලෙස කියාසිටියේය.

 

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment