සිසුන් 27,603ට සරසවි වරම් - කඩඉම් ලකුණු මෙන්න 

සිසුන් 27,603ට සරසවි වරම් - කඩඉම් ලකුණු මෙන්න 

2015 / 2016 අධ්‍යයන වර්ෂ සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ කඩඉම් ලකුණු මේවන විට නිකුත් කර තිබේ.

එම කඩඉම් ලකුණු www.ugc.ac.lk හා http://ift.tt/1Ng5QYP වෙබ් අඩවි මගින් ලබාගත හැකි බව වි‍ශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර සරසවි ප්‍රවේශය සඳහා සිසුන් 27,603ක් බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේය. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 10ක වැඩිවීමකි.

කොළඹදී අද (20) පැවති මාධ්‍ය හමුවකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහචාර්ය මොහාන් ද සිල්වා මහතා මේ බව පැවසී ය.

පහත දැක්වෙන්නේ පසුගිය වසරේදී  එක් එක් විෂය ධාරාවලට අදාළව බඳවාගැනීමට යෝජනා කළ සිසුන් සංඛ්‍යාව වන අතර එය මෙවර සියයට 10කින් වැඩි කර ඇත.

කලා - 7674

වාණිජ - 5350

ජෛව විද්‍යාව - 6170

භෞතික විද්‍යාව - 5299

ඉංජිනේරු තාක්ෂණය - 11,200

ජෛව පද්ධති - 714

වෙනත් - 205

ඉහත එක් එක් විෂය ධාරාවන්ට අදාළව බඳවා ගැනීමට යෝජනා කර තිබූ සම්පූර්ණ සංඛ්‍යාව 26,541ක් වන අතර එය මෙවර 27,603 දක්වා වැඩි කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

2015 උසස් පෙළ විභාගයේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය කඩඉම් ලකුණු අද (20) නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කළේය. 

එම කඩයිම් ලකුණු පහතින්, 

COP_2015_2016-sinhala-3

COP_2015_2016-sinhala-4

COP_2015_2016-sinhala-5

COP_2015_2016-sinhala-6

COP_2015_2016-sinhala-7

COP_2015_2016-sinhala-8

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment