ගුවන් ගමන අතරතුර සැම්සුන් නෝට් 2 ෆෝන් එකක් ගිනිගෙන කලබලයක්


සිංගප්පූරුවේ සිට චෙන්නායි බලා ගමන් කරමින් සිටි ගුවන් යානයක සැම්සුන් ගැලක්සි 7 නෝට් 2 ස්මාර්ට්
ෆෝනයක් ගිනි ගැනීමට ලක්වීම නිසා අද කලබලයක් හටගෙන තිබේ.

ඉන්ඩිගෝ සමාගමට අයත් 6ඊ-0504 දරණ මෙම යානය අහසේ පියාසර කරමින් සිටියදී මගීන්ගේ අත්බෑග් තබන රාක්කයක් දෙසින් දුමක් පැනනැගී ගුවන් යානයේ සිටි අය කලබලයට පත්ව තිබේ. වහාම පිරිස ඉවත් කර ගිනි නිවීමට අදාළ පියවර ගත් යානයේ සේවකයින් ගිනිගෙන ඇත්තේ ස්මාර්ට් ෆෝනය බව හඳුනාගෙන එය නිවාදමන්නට කටයුතු කර තිබුණි.
මගීන් 175 ක් ගමන් කළ යානය පසුව ආරක්ෂිතව ගොඩබාන ලද නමුත් සිද්ධියට අදාළ සැම්සුන් ගැලක්සි 7 නෝට් 2 ස්මාර්ට් ෆෝන් මින් ඉදිරියට ගුවන් ගමන් වලදී භාවිත කිරීම හෝ පණගන්වා තිබීම තහනම් කරවන නීති එම සමාගමස මගින් අලූතින් පනවා ඇත.
මේ වනවිට ලෝකය පුරා මෙම වර්ගයේ ෆෝන් ගිනිගැනීමේ සිද්ධි රාශියක් වාර්තාවන අතර සමාගම අලෙවි කළ ෆොන් නැවත කැඳවීමේ නිවේදනයද නිකුත් කර ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment