රජරට පීඨ 3ක් වසා දමයි

රජරට පීඨ 3ක් වසා දමයි

පවතින ජල හිඟය නිසා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පවත්වාගෙන යන පීඨ තුනක් අද සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව සමාජවිද්‍යා සහ මානව ශාස්ත්‍ර, ව්‍යවහරික විද්‍යා සහ කළමනාකරණ යන පීඨ මෙලෙස වසා දමා ඇත.

කෙසේ වෙතත් විභාග කටයුතු නියමිත පරිදි පවත්වන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.

මේ වන විට දිස්ත්‍රික් කිහිපයක් පුරා පවතින දැඩි වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් සිසුන් සහ කාර්යමණ්ඩලය අපහසුතාවයට පත්වීම සැළකිල්ලට ගනිමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment