අධ්‍යාපනයේ දූෂිත නිලධාරීන්ට වහාම ස්ථාන මාරුවීම් - අගමැතිගෙන් නියෝගයක්

අධ්‍යාපනයේ දූෂිත නිලධාරීන්ට වහාම ස්ථාන මාරුවීම් - අගමැතිගෙන් නියෝගයක්

අධ්‍යාපන අමාත්‍යාංශය තුළ මූල්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතු කරන අකාර්යක්ෂම මෙන්ම වංචා දූෂණවලට සම්බන්ධ නිලධාරීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට උපදෙස් දී තිබේ. 

රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාව ද ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කරන ලෙසත් අගමැතිවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සිසුන්ට වසර 13 අනිවාර්ය අධ්‍යාපනය ලබාදීම සඳහා වන රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළින් කාර්යක්ෂම සේවාවක් සැලසිය යුතු බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

ඒ අනුව රජය ගෙන යන මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු නොකරන නිලධාරීන්ගෙන් ඵලක් නැතැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment