මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීමේ සිද්ධියට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුද හමුදා බුද්ධි බළකායේ සාමාජිකයන් 04දෙනා එක් අයකුට ලක්ෂ 05 බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට හෝමාගම මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (22) නියෝග කළේය.
එමෙන්ම සැකකරුවන්ට විදේශගතවීමද තහනම් කළ අතර සෑම මසකම පළමු ඉරිදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කෙරිණි.
මෙලෙස ඇප ලැබුයේ ලුතිනන් චාමින්ද කුමාර අබේරත්න, මාණ්ඩලික සැරයන් සෙනෙවිරත්න මුදියන්සේලාගේ කනිෂ්ක ගුණරත්න, මාණ්ඩලික සැරයන් අයියසාමී බාලසුබ්‍රමනියම් නොහොත් රවි සහ දංගහගමරාලලාගේ තරංග ප්‍රසාද් ගමගේ යන අයයි.
පසුගිය 19 වැනිදා අවිස්සාවේල්ල මහාධිකරණයෙන් ඇප නියම වූ මෙම නිලධාරීන් 04දෙනාගේ ඇප නියෝගය පසුගිය 20 වැනිදා හෝමාගම අධිකරණයෙන් නොලැබිම හේතුවෙන් සැකකරුවන් ඊයේ දිනය වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
එසේම එදින හෝමාගම අධිකරණයේ නඩුව විභාග වූ අවස්ථාවේදී විත්තියේ නීතිඥයින් නඩුවට අදාළ කෙටි දිනයක් ලබා දෙන ලෙස මහෙස්ත්‍රාත්ගෙන් කළ ඉල්ලීමකට අනුව ඇප නියෝගය ලැබෙන තෙක් ඊයේ දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර සිටි ඔවුන් නඩු විභාගයෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ අනෙකුත් සැකකරුවන් වන ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්න, මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත කුමාර රාජපක්ෂ, සාජන් මේජර් නෙරංජන් උපසේන, කෝප්‍රල් සචින්ද්‍ර රූපසිංහ යන 04දෙනා ලබන මස 04 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
0 comments :
Post a Comment