තොරතුරු තාක්‍ෂණ වෘත්තීමය අවස්ථා ගැන පාසල් සිසුන් දැනුවත් කිරීමක් 

තොරතුරු තාක්‍ෂණ වෘත්තීමය අවස්ථා ගැන පාසල් සිසුන් දැනුවත් කිරීමක් 

තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය (ITBPO) ආශ්‍රිතව තිබෙන වෘත්තීමය අවස්ථාවන් පිලිබදව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන 26 සහ 27 යන දිනයන්හි මඩකලපුව මහජන විද්‍යාලයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්‍ෂණ අංශය ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබේ.

තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය පිලිබදව නිපුනතාවයකින් හෙබි වෘත්තීයවේදීන් පිරිසක් විසින් මෙහිදී විශේෂ දේශන පවත්වන අතර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෘත්තීය මාර්ගෝපදේශන ලබාදීමද සිදු කරන බව නියෝජිතායතනය සඳහන් කරයි.

නැගෙනහිර පළාතේ පාසල් 60 කට අයත් පාසල් ශීෂ්‍ය ශිෂ්‍යාවන් 1800ක් පමණ මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතව තිබේ.

මීට සමගාමීව මෙම මස 20 වන දා මේ සදහා සහභාගිවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අයත් පාසල්වල විදුහල්පතිවරුන්ට සහ තොරතුරු තාක්‍ෂණ විෂ්‍යය උගන්වන ගුරුමහත්ම මහත්මීන්ටද තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ ක්ෂේත්‍රයේ වැදගත්කම පිලිබදව දැනුවත්කිරීමේ වැඩමුළුවක්ද පැවැත්වෙන අතර මෙමගින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මීට තිබෙන උනන්දුව අඛන්ඩව වර්ධනය කිරීමට රුකුලක් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මේ වනවිට ගාල්ල, මාතර, කුරුණෑගල, නුවර, අනුරාධපුරය, බදුල්ල,  යාපනය ඇතුලු දිවයිනේ දිස්ත්‍රික්ක 11ක පමණ මෙම වැඩසටහන පවත්වා අවසන් කර තිබෙන බවත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස්දහසක් පමණ පිරිසකට මෙම දැනුවත් කිරීම සිදුකර තිබෙන බවත්  නියෝජිතායතනය පවසයි.

ස්ලැස්කොම් (SLASSCOM) සහ ෆිටිස් ( FITIS) යන ආයතනවල සහායද මේ සදහා ලැබී තිබේ.  

      

 

   

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment