පොලිස් සිරමැදිරියක් තුල ගෙලවැලලාගත් සැකකරුගේ මරණය ගැන විවෘත තින්දුවක් 

පොලිස් සිරමැදිරියක් තුල ගෙලවැලලාගත් සැකකරුගේ මරණය ගැන විවෘත තින්දුවක් 

ගම්පොළ, පුස්සැල්ලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවෙකු සිරමැදිරිය තුල රදවා සිටියදි ගෙල වැලලාගෙන මියගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්‍ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප‍්‍රභාත් සේරසිංහ මහතා විසින් ඊයේ (18) රාති‍්‍ර පවත්වා එම සිරුරේ කොටස් රජයේ රස පරික්‍ෂකවරයා වෙත යොමු කරමින් විවෘත තින්දුවක් ලබා දුන් බව ගම්පොළ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතා පවසයි. 

ඉකුත් (17) වැනිදා රාති‍්‍රයේ ගම්පොළ, පුස්සැල්ලාව රොච්චයිල්වත්ත පදිංචි රවිරාජ් රවිසංකර් නැමැති තිස්හැවිරිදි අයෙකු අධිකරණය මගින් නිකුත් කර තිබු වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා සිරමැදිරිය තුල රදවා සිටියදි ඔහු ඇද සිටි ටී ෂර්ටයෙන් ගෙල වැලලාගෙන මියගිය බවට පුස්සැල්ලාව පොලිසිය පැවසී ය.

මෙම මරණ සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසින් ගම්පොළ - නුවරඑළිය ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ඊයේ (18) දවස පුරා උද්ඝෝෂණයක් සිදුකිරිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුද සම්පුර්ණයෙන් ඇණහිට තිබිණි. සිද්ධිය සමථයකට පත් කිරිම සදහා උද්ඝෝෂකයින් හමුවට ඊයේ (18) පැමිණි කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා විසින් පොලිස්පතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් මත පුස්සැල්ලාව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක කලූආරචිචි මහතාව මෙම මරණය සම්බන්ධයෙන් පරික්‍ෂණ කටයුතු අවසන් වෙනතෙක් ගම්පොළ පොලීසියට අනුයුක්ත කර ඇති අතර එම පොලීසියේ රාජකාරි කළ පොලිස් පරික්‍ෂක නාපාන මහතාව වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් පත් කර ඇති බව පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය. 

සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කිසිසේත් සිරමැදිරියක් තුල ගෙලවැලලාගෙන මියයෑම පොලීසියේ රාජකාරි පැහැර ඇරිමක් බවත් එම තත්ත්වය මත පුස්සැල්ලාව පොලිසියේ එම අවස්ථාවේ රාජකාරි නියුතු උප පොලිස් පරික්‍ෂකවරයෙකුගේ හා කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බව මධ්‍යම හා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලලිත් ජයසිංහ මහතා මාධ්‍ය හමුවේදී පැවසී ය. 

මෙම වරෙන්තුකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිසිය විසින් පහර දුන් බවට ද මියගිය තරුණයාගේ ඥාතින් හා ප‍්‍රදේශවාසින් චෝදනා කර සිටියි. මෙම මරණය සම්බන්ධයෙන් ගම්පොළ කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාගේ අධික්‍ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්‍ෂණ ආරම්භ කර ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment