හිටපු කොටි නායකයාගේ සැමරුමට ආනන්ද සංගරිත් යයි

හිටපු කොටි නායකයාගේ සැමරුමට ආනන්ද සංගරිත් යයි

මීට 29 වසරකට පෙර මිය ගිය කොටි සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමැත්තාගේ සැමරුම කිලිනොච්චියේදී හිටපු කොටි සාමාජිකයින් පිරිසකගේ හා ආනන්ද සංකරී මහතාගේ ප්‍රධානත්වයෙන් සමරන ලදි.

දිලීපන් හිටපු කොටි නායකයා 1987 අගොස්තු 15 වදා යාපනය නල්ලූර් කෝවිල අසලදී ඉන්දීය සාම සාධක හමුදාව දෙමළ ජනතාවට සිදු කරන බලපෑම් නවතන ලෙසත්, ඉන්දීය රජය කොටි සංවිධානය සමග සාකච්ඡා කළ යුතු බව ඉල්ලමින් ආරම්භ කරන ලද උපවාසයකින් පසුව අගොස්තු 26 වනදා මිය ගොස් ඇත.

කිලිනොච්චිය ටෙලෝ කාර්යාලය ඉදිරිපටදී මෙම සැමරුම පැවති අතර සැමරුම වෙනුවෙන් සහභාගී වූ ආනන්ද සංගරී මහතා අතැලු හිටපු කොටි සමාජිකයින් කියා සිටියේ දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට විසඳුම් ලබා දීමට ගොස් මිය ගිය පුද්ගලයෙකු සැමරීම සිදු කළ යුතු නිසාවෙන් මෙම සැමරීම සිදු කරන බවයි.

වන්නි - රොමේෂ් මධූෂංඛ

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment