'අපේ අවශ්‍යතා ගැන සොයන ආණ්ඩුව හදන්න ඕන' - අනුර කුමාර 

'අපේ අවශ්‍යතා ගැන සොයන ආණ්ඩුව හදන්න ඕන' - අනුර කුමාර 

1948 වසරේ සිට මෙරට පාලනය කල ආණ්ඩු මිනිසුන්ගේ අවශ්‍යතා සපුරා නැති බවට ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ කියා සිටියේ පසුගිය 17 වන දා යාපනය කුබේරන් ප්ලස් විශ්‍රාම ශාලාවේදී පැවති රටේ අනාගතය හා වමේ කාර්යභාරය වැඩසටහනේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ,

“48 වසරේ සිට මේ 2016 වසර දක්වා අවුරුදු 78 ක් මේ පක්ෂ දෙකක් මාරුවෙන් මාරුවට දැන් එකට එකතුවෙලා මේ කරමින් තියන පාලනයන් අසාර්ථක නැද්ද. මෙය කිසිසෙත්ම මහින්ද රාජපක්ෂගේ චන්ද්‍රිකා කුමාරතුංගගේ රනිල් වික්‍රමසිංහගේ මෛත්‍රිපාල සිරිසේනගේ පුද්ගලික අඩුවක් වශයෙන් අපි සලකන්නෙ නැහැ. මේ පක්ෂ දෙක අනුගමනය කරලා තිබුන ආර්ථික ප්‍රතිපත්තිය තමයි මේ අර්බුදය ඇතිකරල තියෙන්නේ. ඒ නිසා මේ පාලකයෝ මේ හදපු ආණ්ඩු මේ හැදිල තියන ආණ්ඩු අපි මිනිස්සු විදහට සලකල නැහැ. ඒකට විසඳුම තමයි අපි අලුත් ආණ්ඩුවක් හදන්න ඕන අපි ගැන හිතන අපේ අවශ්‍යතා ගැන සොයන ආණ්ඩුව හදන්න ඕන.“ යනුවෙනි

වන්නි - රොමේෂ් මධූෂංඛ

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment