සංගා හා මහානාම විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් එක්වේ



ලංකාවේ ආබාධිත, විශේෂ අවශ්‍යතා හා ඉගෙනුම් අබාධ සහිත දරුවන්ගේ ජීවන තත්වය නංවාලන්නට ”ආයති” නමින් විශේෂ අවශ්‍යතා සහිත ළමුන්ගේ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් අරඹන්නට සූදානම් වේ.

මෙම මධ්‍යස්ථානය පිහිටුවනු ලබන්නේ රාගම පිහිටි කැළණි විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේය. ආසියානු කලාපය තුළ බහු කාර්ය වෘත්තිකයන් ගෙන්
සමන්විත අබාධිත ළමුන් සඳහා වූ අධ්‍යයන අංශයක් ඇති එකම වෛද්‍ය පීඨය එයවේ. රාගම පිහිටි අක්කර 1 1/2 ක භුමි ප‍්‍රමාණයක වර්ග අඩි 42000 කින් යුත් ගොඩනැගිල්ලක් මේ සඳහා ඉදිකරන්නට යෝජිතය. වියදම රුපියල් මිලියන 350ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබේ.

මේ සඳහා යන වියදමේ කොටසක් හේමාස් හෝල්ඩින්ග්ස් සමුහය මගින් දරන අතර අනෙක් මුදල පරිත්‍යාගශීලීන්ගෙන් රැස් කරන්නට අපේක්ෂිතය.

මෙහි අරමුදල් කළමනාකරණය කිරීමට ස්වාධීන ගණකාධිකරණ සමාගමක් කටයුතු කරනු ඇත.
”ආයති” යනු සංස්කෘත භාෂාවෙන් ගත් කළ ”බලාපොරොත්තුව” යන්න අර්ථකථනය කරයි. මෙම ”ආයති” මධ්‍යස්ථානය තුළින් විශේෂ අවශ්‍යතා සහිත ළමුන් හට ඔවුන්ගේ උපරිම හැකියාවන් මුදුන්පත් කර ගනිමින් සමාජයට රැගෙන ඒම සඳහා බලාපොරොත්තු හා අවස්ථාවන් ලබා දෙන්නට අපේක්ෂිතය.

සමාරම්භක අවස්ථාවට ලෝක පූජිත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තාරකාවන් වන රොෂාන් මහානාම සහ කුමාර සංගක්කාරද එක්වූ අතර ඔවුන් මෙම අරමුදල වෙනුවෙන් ප‍්‍රචාරණ කාර්යයට ඉදිරියේදී ස්වේච්ඡාවෙන් දායක වනු ඇත.








Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment