අත්අඩංගුවට ගැනීමට නියමිත ඩී.අයි.ජී. රටින් පැනයාමේ සූදානමක්? 

අත්අඩංගුවට ගැනීමට නියමිත ඩී.අයි.ජී. රටින් පැනයාමේ සූදානමක්? 

අපරාධ චෝදනා කීපයක් සම්බන්ධයෙන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින බව කියන ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙක් රටින් පැන යාමේ සූදානමක් ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ගනිමින් ලිපිගොනුවක් ඉදිරිපත් කර ඇති අතර එම ගොනුව සම්බන්ධයෙන් උපදෙස් දීම ප්‍රමාද කරවීමට එම නිලධාරියා නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් උත්සාහ ගන්නා බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

රටින් පැනගැනීමට ඔහු ප්‍රධාන පෙළේ රටකට වීසා අයැදුමක් පවා ඉදිරිපත් කර ඇත. එම අයැදුම්පත එම රටේ තානාපති කාර්යාලය ප්‍රතික්‍ෂේප කර අති බවද වාර්තා වේ. 

එම ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වාර්තාවක් අදාළ තානාපති කාර්යාලයට එරට බුද්ධි අංශ මගින් ලබාදී තිබිම වීසා අයැදුම ප්‍රතික්‍ෂේප කිරීමට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

දැන් ඔහු වෙනත් රටකට පලායෑමේ සූදානමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ පවා දැඩි අවධානයකින් සිටින බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙක්ව දිස්ත්‍රික්කයක් භාරව සිටියදී ඔහුගේ නිල කාර්යාලය තුළදී මැණික් ජාවාරම්කරුවන්ගේ වෙන්දේසි පවා කර ඇති බවට චෝදනාවක්ද පවතින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment