මීරියබැද්ද ජනයාට නිවාස ලබාදීම ලබන මසදී (VIDEO)

මීරියබැද්ද ජනයාට නිවාස ලබාදීම ලබන මසදී (VIDEO)

කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවු නායයාමෙන් නිවාස අහිමි වූ පුද්ගලයින්ට නිවාස ලබාදීම ලබන මස 22 වන දින සිදුකරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එලෙස අලුතින් ඉදිකරන ලද නිවාස පරීක්ෂා කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.

අමාත්‍යවරයා එහිදී කියාසිටියේ නායයාම හේතුවෙන් හානියට පත් නිවාස වෙනුවට ඉදිකළ නව නිවාස සියල්ල මේ වන විට ඉදිකර අවසන් බවයි.

අදාළ නිවාසවලට අවශ්‍ය විදුලිය සහ ජලය ලබාදීම ඉදිරි සති තුන ඇතුළත සිදුකිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment