කෝප් කමිටුවේ ස්වාධීනත්වය ගැන ගැටළුවක්

කෝප් කමිටුවේ ස්වාධීනත්වය ගැන ගැටළුවක්

බාහිර පාර්ශවයන් සිදුකරන ප්‍රකාශ මගින් කෝප් කමිටුවේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු මතුවන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ හක්මන, දෙනගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකරන පරීක්ෂණ පිළිබඳ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විවිධ ප්‍රකාශ නිකුත් කරන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් කමිටුව මෙතෙක් අවසන් ප්‍රකාශයක් කර නොමැති තත්ත්වයකදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ඊට මැදිහත්වීම පිළිගත නොහැකි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment