සිරිසේන - චමිලා කතා හැදූ සුදර්මන් නිදහස්




වයස අවුරුදු 14 ක පිරිමි ළමයෙකුගේ ප්‍රකාශයක් හා ඔහුගේ පියා යයි කියන වෙනත් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් ලබා ගනිමින්, ඒවා එකතුකර නිර්මාණාත්මකව ‘මඩ‘ක් මෛත්‍රීපාල සිරිසේන ජනපති අපේක්ෂකයා වෙත එල්ල කිරීම
සම්බන්ධයෙන් පසුගිය කාලයේ උසාවි යන්නට සිදුවූ හිටපු


අයිටීඑන් සාමාන්‍යධිකාරී සුදර්මන් රදලියගොඩ ඊයේ එම නඩුවෙන් නිදහස් වුණා. බාලවයස්කාර දරුවාගේ මව වූ චමිලා නමැත්තිය රඳවා තබාගෙන සිටින බවට වූ කතාවක් වීඩියෝ ගණනාවක් ඔස්සේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරණය කළ ඔහු ඒ තුළින් මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට ප්‍රචාරණ වාසියක් අත්කරදෙන්නට ක්‍රියාකර තිබුණි.
සිද්ධියට සම්බන්ධ සුදර්මන් රදලියගොඩ ඇතුළු 11 දෙනාට එරෙහිව  තවදුරටත් පැමිණිලි පාර්ශ්වය එරෙහිවන්නට බලාපොරොත්තු නැති බව දක්වමින් නීතිපති උපදෙස් මත නිදහස් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල ඊයේ (20) නියෝග කලා.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment