ඇන්ජලීනා - බ්‍රැඩ් පිට් කසාදයත් හබක්



ප්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී  සිය ස්වාමියා වූ සිනමා නළු බ්‍රැඩ් පිට්ගෙන් දික්කසාදය ඉල්ලා නඩු පවරා තිබේ.2004 වසරේ සිට එකට දිවිගෙවීම අරඹා විවාහ දිවියට  2014
 පිවිසි ඔවුන් දරුවන් 6 දෙනෙකු නඩත්තු කරමින් සිටියා.

හොලිවුඩයේ ධනවත්ම නිළිය ලෙස අයිකනයක් බවට පත්ව සිටින ඇන්ජලීනා සමාජ සත්කාර වැඩසටහන් හා මානුෂවාදී ක්‍රියාකාරකම් නිසාද ජනප්‍රිය වී සිටින්නියකි. ඇය විදෙස් ගතවූ අවස්ථාවල හමුවූ දුප්පත් දරුවන් දරුකමට හදා ගත් කෙනෙකි. පසුගිය කාලයේ ඇයට පිළිකා අවදානමක්ද මතුවී ඇය පියයුරු ඉවත්කිරීමේ සැත්කමකටද මුහුණ දුන්නාය.

දරුවන්ගේ කටයුතු කෙරෙහි බ්‍රැඩ් වැඩි නැඹුරුවක් දැක්වීම කෙරෙහි ජොලී අමනාපයෙන් සිටීම නිසා මෙම විරසකය ඇතිව තිබෙන බවත් දික්කසාදයට හේතුව ලෙස අදහස් නොගැළපීම දක්වා ඇති බවත් වාර්තාවේ.
41 වැනි වියෙහි පසුවන ජොලී මෙසේ දික්කසාදය ඉල්ලා සිටින්නේ 52 වැනි වියෙහි පසුවන බ්‍රැඩ් පිට්ගෙනි ජොලීගේ මේ තෙවන දික්කසාදය වන අතර බ්‍රැඩ් පිට්ගේ දෙවන දික්කසාදයයි.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment