අම්පාරේ රැකියා විරහිත උපාධිධාරින් විරෝධතාවයක

අම්පාරේ රැකියා විරහිත උපාධිධාරින් විරෝධතාවයක

නැගෙනහිර පළාත් සභාව මගින් උපාධිධාරින් බඳවා ගැනිමේදි අම්පාර දිස්ති‍්‍රක්කයේ උපාධිධාරින්ට අසාධාරණයක් සිදුවන බව පවසමින් අම්පාර දිස්ති‍්‍රක්කයේ රැකියා විරහිත උපාධිධාරින් අම්පාර නගරයේ විරෝධතා ව්‍යාපාරයක නිරත විය.

අම්පාර මාහාවාපි විහාරයට එක්වූ උපාධිධාරීන් අම්පාර ඔර්ලෝසු කණුව දක්වා පැමිණ එතැන් සිට විරෝධතාවය ආරම්භ කරනු ලැබිය. ඔරලෝසු කණුව අසලින් විරෝධතා පෙලපාලිය ආරම්භ කල අතර රීගල්හන්දිය දක්වා ගමන් කර නැවත වතාවක් ඔරලෝසු කණුව අසලට පැමිණ විරෝධතා ව්‍යාපාරයේ නිරතවිය. 

ඉන් අනතුරුව විරෝධතාකරුවන් අම්පාර ඩි.එස්.සේනානායක විදිය හරස් කරමින් විරෝධතාවයේ නිරත වු අතර පොලිසිය විසින් වාහන ගමනා ගමනයට විකල්ප මාර්ග යොදවනු ලැබිය. 

පසුව මෙම ස්ථානයට පැමිණි නැගෙනහිර පළාත් සභා මන්ති‍්‍ර මංජුල ප‍්‍රනාන්දු මහතා විරෝධතාවයේ නියැලූණු උපාධිධාරින් සමග කථා කර නැගෙනහිර ආණ්ඩුකාරවරයාට දුරකථන ඇමතුමක් ලබාදි ලබන 21 වැනි දා සාකච්ඡාවක් ලබාදිමට ආණ්ඩුකාරවරයා එකගවීමෙන් අනතුරුව එම විරෝධතාවය අවසන් කර ඇත.

අම්පාර - වසන්ත චන්දාපාල

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment