ජනතාවට බඩේ පහරදෙන වැට් ගැන මහින්දගෙන් නිවේදනයක්

ලෝකයේ හැම තැනම භාණ්ඩ මිල අඩු වෙමින් පැවතුනත්, මේ වැට් බද්ද නිසා ලංකාවේ පමණක් භාණ්ඩ මිල වැඩි වෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

පීඩාකාරී ලෙස වැට් බදු වැඩිකිරීම

වර්තමානයේ අය කරන වැට් බදු ප්‍ර‍තිශතය සියයට තිස් හයකින් ඉහල දැමීමට පනත් කෙටුම්පතක් ගැසට් කර ඇත. ඒ අනුව භාණ්ඩ හා සේවා මත වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහල ගොස් ජනතාව පීඩනයට පත්වෙනු ඇත. කිසිදාක වැට් බද්දට යටත් නොවුණු පුද්ගලික වෛද්‍ය සේවාවන් වලටද මේ වැඩි වූ වැට් බද්ද බලපානු ලැබේ. මේ නිසා පුද්ගලික වෛද්‍ය වියදම් එකවරම 15%කින් වැඩිවෙනු ඇත. උදාහණයක් වශයෙන් හදවත් රෝගීන්ගේ බයිපාස් සැත්කමක් අද රුපියල් 700,000 වෙන අතර අනාගතයේදී එය රුපියල් 800,000 ටත් වඩා වැඩිවෙනු ඇත. අද බොහෝ සාමාන්‍ය ජනතාවද පුද්ගලික වෛද්‍ය සේවාවන් ලබා ගනී. මේ බද්දෙන් කරන්නේ මිනිස්සුන්ගේ ලෙඩ රෝග, දුක් කම්කටොලු තුළින් ආදායම් ඉපයීමට උත්සාහ දැරීමයි. රෝගයේ බරපතලකම වැඩිවෙන තරමට ආණ්ඩුවට අසරණ රෝගීන්ගෙන් වැඩි වැඩියෙන් මුදල් ලබාගැනීමට හැකිවෙනු ඇත.

වැඩිකරන ලද වැට් බද්ද කුඩා හා මධ්‍ය පරිමාණ තොග හා සිල්ලර වෙළදාම මතද අයකිරීමට නියමිතය. මගේ ආණ්ඩුව කාලයේවැට් බද්ද ක්‍රියාත්මක වුණේ දිනකට ලක්‍ෂ 28ක පමණ මහා පරිමාණයෙන් වෙළදාම් කරන සුපිරි වෙළදසැල් වලට පමණි. නමුත් එම සිමාව දිනකට රුපියල් 138,000 දක්වාපහත හෙලූ විට, තොගකඩ සියල්ලමත්, සිල්ලර කඩ සෑහෙන්න ප්‍ර‍මාණයකුත්  වැට් බද්දට යටත් වේ.මෙයින් මුලු රට පුරාම භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහල යන අතර, වැඩි කල් නොගොස්, එහි අතුරුපලයක් හැටියට පාරිභෝගික ඉල්ලුමත් අඩුවෙනු ඇත. මීට කලින් පැවති කිසිම ආණ්ඩුවක්  සාමාන්‍ය මට්ටමේ තොග හා සිල්ලර වෙළදාම මත වැට් බද්ද පැණවූයේ නැත්තෙ එයින් ආර්ථිකයතුළ ඇතිවෙන අනිටු විපාක නිසාමය.

ලෝකයේ හැම තැනම භාණ්ඩ මිල අඩු වෙමින් පැවතුනත්, මේ වැට් බද්ද නිසා ලංකාවේ පමණක් භාණ්ඩ මිල වැඩි වෙනු ඇත. මේ ආකාරයට බදු වැඩිකිරීමට ආණ්ඩුවට සිදුවී ඇත්තේ, පසුගිය ඡන්ද දිනාගැනීමට ජනතාවට දුන් නොයෙක් රැවටිලිකාර සහන වලට මුදල් සොයා ගැනීමටය. මෙය ජනතාව රැවටීමට ගිය මුදල් ජනතාවගෙන්ම අය කරගැනීමට ගන්නා පියවරකි.වැට් බදු ප්‍ර‍තිශතය වැඩිකිරීමටත්, රෝගීන් හා වියපත් අයගෙන් වැට් බදු අය කිරීමටත්, බඩුමිල ඉහල යන බව දැන දැනත් සාමාන්‍ය තොග හා සිල්ලර වෙළදාම මත වැට් බදු අය කිරීමටත් අපට කිසිසේත්ම එකග විය නොහැක.මේ පීඩාකාරී බදු වැඩිකිරීමේ යෝජනා නැවතත් සලකා බැලීමට ආණ්ඩුවට තවමත් කල් ඇත.

මහින්ද රාජපක්‍ෂ

හිටපු ජනාධිපති 

The proposed oppressive VAT increase

 

A Bill to increase the currently applicable VAT rate by thirty six percent has been gazetted. Accordingly, the VAT on goods and services will increase from 11% to 15% and cause hardship to the consumer. This increased VAT is to be imposed even on private medical care which had always been exempt from VAT. This imposition will cause an immediate 15% increase in private medical costs. For example, a by-pass heart operation that presently costs about Rs.700,000 would in future cost Rs.805,000. Many ordinary people make use of private medical services today. This tax attempts to raise revenue through sickness and suffering. The more serious the illness, the more money the government would be squeezing from the hapless patient.

The increased VAT is to be imposed on the small and medium wholesale and retail trade as well. My government charged VAT only on wholesale and retail establishments with a turnover of around Rs. 2,800,000 per day which ensured that the tax applied only to the largest upmarket retail businesses enjoying economies of scale. However, by slashing the threshold to just Rs. 138,000 a day, the Yahapalana government has brought all wholesale establishments, and a good number of retail establishments within the ambit of VAT. This will cause a rapid escalation in prices throughout the country and in a short time bring about a reduction in consumer demand. Previous governments never imposed VAT on the small and medium wholesale and retail trade because of the negative impact it will inevitably have on the economy.

Commodity prices have been declining all over the world but in Sri Lanka the prices of goods and services will be going up because of these tax hikes imposed to finance the various concessions that the yahapalana government gave out to win elections. Thus the people themselves are being forced to bear the cost of the deception that was practiced on them. We can in no way agree to the increase in the VAT rate, its unconscionable imposition on the sick and the elderly, and its imposition on the small and medium wholesale and retail trade without any concern for the all round price increases that it will cause. There is still time for the government to amend these oppressive VAT proposals.

MahindaRajapaksa

Former President

 



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment