හාලිඇළ පාසලක ගින්නක් - අයෙක් මරුට

හාලිඇළ පාසලක ගින්නක් - අයෙක් මරුට

බදුල්ල, හාලිඇළ විද්‍යා විද්‍යාලයේ අද(19)  පෙරවරුවේ හටගත් ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

එම විද්‍යාලයේ පැරණි භාණ්ඩ ගබඩා කර තිබු කාමරයක මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය පැවසීය.

එහිදී විද්‍යාලයේ නේවාසිකාගාර බාරකරු ලෙස කටයුතු කළ 33 හැවිරිදි පුද්ගලයෙකු පිළිස්සුම් තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ‍ඔහු රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගින්නෙන් ගබඩා කාමරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර බදුල්ල පොලීසිය සහ ගිනි නිවීමේ ඒකකය මැදිහත්ව ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බව පොලීසිය සඳහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment