ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී ධූරය ඉමිතියාස් බාකීර්ට 

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී ධූරය ඉමිතියාස් බාකීර්ට 

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතා අද(19) වැඩ බාර ගත්තේය.

අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ විසුම්පායේ මෙය පිහිටුවා තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා නිල බලයෙන් එම මධ්‍යස්ථානයේ ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරයි.

මාධ්‍ය පිළිබඳ පර්යේෂණ සහ සැලසුම් කටයුතු සිදු කිරීම, මාධ්‍ය හැසිරීම අධ්‍යයනය කිරීම, තොරතුරු ලබා දීම හා ලබා ගැනීම සහ තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම එම ආයතනයට පැවරී ඇති කටයුතු වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment