ශී‍්‍ර.ල.නි.ප. ය කැඩෙන්නේ 99: 1ක් විදියට……සිරිසේන අනාත වෙන ලකුණු

ආණ්ඩුවට මුක්කු ගසන නිල් අලි පැටව් ඉන් ඉවත්ව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ අගමැතිවරයෙකු පත්කර අපේ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිකම නොදෙන්නේ නම් ඒකාබද්ධ විපක්‍ෂය නව බලවේගයකින් තරග කිරීම කිසිවෙකුටත් නතර කල නොහැකි බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මනතී‍්‍ර ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරනය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කඩන්න දෙයක් නැති බවයි. මේ වන විටත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය බෙදී අවසන්ව ඇති බව පවසන රණතුංග මහතා එය බෙදී ඇත්තේ ආණ්ඩුවට මුක්කු ගැසූ නිල් අලි පැටව් ?න එක පැත්තකටත් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් ඇතුඵ මුඵ රටේම ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයන් එක පැත්තකටත් ලෙසයැයි පෙන්වා දෙයි. ඒ අනුව පක්‍ෂය කැඩුනොත් කැඩෙන්නේ 99ට 1ක් ලෙස යැයිද රණතුංග මහතා වැඩි දුරටත් අවධාරණය කරයි.

මොනරාගල ඒකාබද්ධ විපක්‍ෂ බල මණ්ඩලය පිහිටුවීමේ රැුස්වීමට එක්වෙමින් රණතුංග මහතා මේ බව සදහන් කලේය. ඊයේ (18) මොනරාගල දිස්ති‍්‍රක් පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී රැස්වීම පැවැත්විණි. මොනරාගල ආසනයේ සෑම ග‍්‍රාම සේවා වසමක්ම නියෝජනය වන පරිදි පැමිණි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ශාඛා, කාන්තා තරුණ, නියෝජිතයෝ දහසකට අධික පිරිසක් ඊට පැමිණ සිටියහ. රැස්වීම සංවිධානය කලේ ඌව පලාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මහතා විසිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“පහුගිය ජනාධිපතිවරණයේදී අපි අපේක්‍ෂා නොකල පරිදි අපේ නායකයා පරාජය වුනා. ඒ වෙලාවේ ඔබතුමාලගේ දිස්ති‍්‍රක්කයේ අපේ පක්‍ෂෙ කෙනෙක් අප්පච්චි මලෝ කියලා බාප්පා ලගට යනවයි කියලා මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට මුක්කු ගැහුවා. ඒ අප්පච්චි මලෝට අමතක නොවන පාඩමක් උගන්වන්න මොනරාගල ජනතාව කටයුතු කලත්, ඒ ජනතා තීන්දුවට පයින් ගහපු අපේ පක්‍ෂෙ සභාපතිතුමා පොදු සමාව දීලා ඔහුට මන්තී‍්‍ර කමක් විතරක් නෙමෙයි ඇමතිකමකුත් දුන්නා. ජනතාව පරාජය කරපු අප්පච්චි මලෝලට ජාතික ලැයිස්තුවෙන් මන්තී‍්‍රකම් දීලා ඇමතිකම් දීපු එක මේ මොනරාගල ජනතාවට කරපු අපහාසයක්. මේ අපහාසයට ප‍්‍රති උත්තර දෙන්න මොනරාගල ජනතාව සැදී පැහැදී ඉන්න බවයි අද මේ රැස්වීමට ආපු මහ ජන ගගෙන් පැහැදිලි වෙන්නේ”

“වර්තමාන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සභාපතිවරයා ඇතුඵ ආණ්ඩුවට මුක්කු ගහලා ඉන්න අපේ පක්‍ෂෙ උදවිය පිලිබදව අපේ පාක්‍ෂකයන්ට කිසිදු විශ්වාසයක් නෑ. සභාපතිකම් බලෙන් අරගෙන නමට පක්‍ෂෙ සභාපතිකම් දරලා පක්‍ෂය දිනවන්න බෑ. එහෙම පාක්‍ෂිකයන්ගේ විශ්වාසය ගොඩනැගෙන්නෙත් නෑ. සමහරු අපිට චෝදනා කරනවා පක්‍ෂය කඩන්න හදනවයි කියලා මේකෙ කඩන්න කියලා දෙයක් ඉතුරු වෙලා නෑ. මේක කැඩුවේ ඒ අයයි. පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩුවට මුක්කු ගහපු නිල් අලි පැටව් එක පැත්තක. මහින්ද මහත්තයත් එක්ක ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න අපි මු`ඵ රටේම අපේ පාක්‍ෂිකයොත් එක්ක එක පැත්තක. මේක කැඩිලා තියෙන්නේ අනූනමයයි – එකට . අනූ නමයක්ම මහින්ද මහත්තයත් එක්ක. ඉන්න සභාපතිතුමාට එකයි.”

රණතුංග මහතා – ඔයගොල්ල පිලිගන්නේ පක්‍ෂෙ සභාපති විදියට මහින්දද, මෛතී‍්‍රද

ජනතාව – (එක හඩින්) මහින්ද

රණතුංග මහතා – ඕක තමයි ඇත්ත. අපි කියන්නෙ ඒකයි . ගම ඉන්නේ මහින්ද මහත්තයත් එක්ක. ගමේ පාක්‍ෂිකයන්ට ඕනෑ මහින්ද මහත්තයා. බලහත්කාරයෙන් පක්‍ෂෙ සභාපතිකම් අරගෙන සභාපතිකම් ආරූඩ කර ගත්තට වැඩක් නෑ. පාක්‍ෂිකයෝ ඔවුන් සමග නෑ.

“තනතුරු තාන්න මාන්න, තාවකාලිකයි. මිනිසුන්ගේ හදවත් දිනාගත්ත දේශපානඥයෙකුට විතරයි අනාගතයේ ගමනක් තිබෙන්නේ මහින්ද මහත්තයා මිනිසුන්ගේ හදවත දිනාගත්ත දේශපාලනඥයෙක්. ඒ නිසයි අපේ ජනතාව තවමත් ඔහු සමග ඉන්නේ ඒත් අපේ ඇමතිවරුන්ටනම් වටින්නේ තනතුරු, තාන්න මාන්න සහ වරප‍්‍රසාදයි. මහින්ද මහත්තයගේ ෆොටෝ එක ගහගෙන ඡුන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ගිය උදවිය කිසිම විලි ලැජ්ජාවක් නැතුව රනිල්ගේ ආණ්ඩුවට රෙදි නැතුව කඬේ යන්නේ ඒකයි. යාන වාහන, අතට පයට වැඩකාරයෝ නැතුව බලය නැතුව මේ අයට නින්ද යන්නෙ නෑ. රනිල්ට මුක්කු ගහපු නිල් අලි පැටව් ගිරව් වගේ මහින්ද මහත්තයටයි, අපිටයි බැණ වදින්නේ වෙන මොකවත් නිසා නෙමෙයි තනතුරු, වරදාන, වරප‍්‍රසාද රැුක ගන්න. මේ යහපාලන ආණ්ඩුව මහින්ද මහත්තයට හොදටම බයයි. 2005 දී හිටපු මහින්දට වඩා 2010දී යුද්දෙ දිනපු මහින්දට වඩා පැරදුණු මහින්දට මේ ආණ්ඩුවෙ ඉන්න කොල, නිල්, රතු අලි පැටව් බයයි. ඇත්තටම එදා උන්නු මහින්දට වඩා අද ඉන්න මහින්ද වඩා ප‍්‍රබලයි. ඒ නිසයි මේ ආණ්ඩුව එතුමාටයි, එතුමා සමග ඉන්න අපිටයි විරුද්ධව සියඵ දේ කරන්නේ .”

“අපේ අයව දඩයම් කරන්න ආණ්ඩුව හැමදේම කරනවා. ආණ්ඩුවේ තර්ජනවලට අපි බය නෑ. අපි මේ ආණ්ඩුව ගෙදර යවන්න ගම් මට්ටමින් සංවිධිනය විය යුතකුයි. ඒකාබද්ධ විපක්‍ෂයේ අපි දැන් ගම් මට්ටමේ සංවිධාන ජාලය ශක්තිමත් කරමින් තිබෙනවා. ඉදිරි ඕනෑම මැතිවරණයකට වෙනම බලවේගයකින් ඉදිරිපත් වෙන්න වුනත් අපි ලෑස්තියි. මේ පක්‍ෂය ශක්තිමත් වෙන්න නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන්න නම් ශී‍්‍ර.ල.නි.ප. ය රනිල්ගේ ඔඩොක්කුවෙන් බහින්න ඕණෑ. ඇතිකම් අත ඇරලා අපේ අගමැති කෙනෙක් යටතේ ආණ්ඩුවක් හදන්න ඕනෑ. පක්‍ෂෙ සභාපතිකම මහින්ද මහත්තයට දෙන්න ඕනෑ. නැත්නම් ඊලග මැතිවරණයට ජාතික බලවෙගයක් ගොඩනැගීම කිසිවෙකුට වැලැකත්විය නොහැකියි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා.

මේ පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයට උගස් කලාට අප විරුද්දයි. අපේ පාක්‍ෂිකයිනුත් විරුද්දයි. මහින්ද රාජපක්‍ෂ මහතා මේ පක්‍ෂය ශක්තිමත් කල නායකයයි. ඔහු කිසි දිනක මේ පක්‍ෂය අත හැර ගොස් නැහැ. පරාජය වෙලා ජාතික ලැයිස්තුවෙන් ඇමතිකම් ගත්ත එස්.බී. දිසානායක මහත්තයා කියලා තිබුණා මහින්ද මහත්තයා පක්‍ෂෙ කඩලා ආපහු රුපියල් දෙකේ සාමාජිකත්වය අරගෙන ආපු කෙනෙක් කියලා. එස්.බී. දන්න කෙහෙල් මල මහින්ද මහත්තයා එස්.බීලා වගේ පක්‍ෂෙ දාලා ගියේ නෑ. මම මධ්‍යම කාරක සභාවෙදිත් මේ හවුල් ආණ්ඩුවට විරුද්ධ වුණා. මම එදත් අදත්, හෙටත් මේ ආණ්ඩුවට විරුද්ධයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ආණ්ඩු කරනවට විරුද්දයි. අපි හදන්න ඕනෑ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක්. ඒකේ මුල් පුටුව මහින්ද මහත්තයට හිමි වෙන්න ඕනෑ. අපි සටන් කරන්නේ ඒ වෙනුවෙන් පක්‍ෂෙ නායකයෝ පක්‍ෂය රනිල්ගේ පාමුලට ගිහින් දැම්මට අපි ඒකට සහාය දෙන්න සූදානම් නෑ. මේ ආණ්ඩුව පරද්දවලා අපේ ආණ්ඩුවක් ඉක්මනින්ම බිහි කරනවා.
ප‍්‍රදීප් අනුර කුමාර.

ආණ්ඩුවට චැලෙන්ජ් කරමු…..තහනමට එරෙහිව lankanewsweb.today කියවිම….
දේශහිතයිෂි ශ්‍රී ලාංකිකයනි, මෙම තීරණාත්මක වකවානුව තුල ආ හා සම්බන්ද වීමට පහත නව ලිපිනය ඔබගේ හිතවතුන්ට
ලබාදෙන්න www.lnwtoday.xyz



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment