විධිමත්, විනීත සහ පාසලට උචිත ඕනෑම ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීම සඳහා මව්පියන්ට අවස්ථාව ලබාදීම සඳහා නව චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අද (23) පෙරවරුවේ මහව විජයබා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම සහ නව ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
“ඇතැම් පාසල්වල මව්පියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් දැන්වීම් ද පළ කර තිබීම හේතුවෙන් රාජකාරිවල නිරත මව්පියන්ට තම දරුවන් සමඟ උදෑසන පාසල්වලට පැමිණිමේ දී සහ පැවැත්වෙන රැස්වීම්වලට සහභාගිවීමේ දී ගැටලූ රැසකට මුහුණදීමට සිදුවන බවට මැසිවිලි පසුගිය කාලයේ ඉදිරිපත් වී තිබුණා. ඇතැමෙකු මෙය තම අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් ලෙස ද සඳහන් කර තිබුණා.
මේ පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට නියෝග කොට තිබෙන්නේ විධිමත්, විනීත සහ පාසලට උචිත ඕනෑම ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීමට මව්පියන්ට ඉඩ ලබා දෙන ලෙසයි.
විශේෂයෙන්ම මව්වරුන්ට ඇතැම් පාසල් සඳහා ඇතුල්වීමේ දී සාරියකින් හෝ සැරසී සිටිය යුතු වෙනත් ඇඳුමක් අනිවාර්ය කර දැන්වීම් පළ කිරිම හේතුවෙන් ප‍්‍රායෝගික ගැටලූ රැසකට මුහුණ දීමට සිදුවූ අතර අගනුවර සහ නගර ආශ‍්‍රිත ප‍්‍රදේශවල රැකියාවල නිරත වන මව්වරුන්ට තම දරුවා සමඟ පාසලට පැමිණීමේ දී මෙම තත්ත්වයන් හේතුවෙන් පාසල් ගේට්ටුව අසලට පමණක් පැමිණ ආපසු හැරී යාමට සිදුවන තත්ත්වයක් ද නිර්මාණය වී තිබිණි.
මෙම සියලූ කරුණු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත පාසල්වලට පැමිණෙන මව්පියන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් නව චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ පාසල්වලට ඇතුල්වීමේ දී නීති රීති පැනවීමට වඩා පාසල්වලට උචිත විනීත ඇඳුමකින් සැරසී පැමීණීමේ වගකීම මව්පියන්ට ද ඇති බවයි.
0 comments :
Post a Comment