රේගුව නිලධාරීන් අද සිට අකුරට වැඩ

රේගුව නිලධාරීන් අද සිට අකුරට වැඩ

යෝජිත නව රේගු පනත ගෙනඑන්නේ කුමන කරුණක් නිසාද යන්න බලධාරීන්ට තවමත් ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබෙන නිසා අදාළ පනත හකුළාගන්නා ලෙස ඉල්ලා අද (19) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රේගු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

යෝජිත රේගු පනත අවලංගු කරන ලෙස ඉල්ලා පසුගිය 15 වැනිදා පැය 24 ක ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කළ බව එම සන්ධානයේ සාමාජික රේගු අධිකාරී සංගමයේ ලේකම් උදිත ජයසිංහ මහතා පැවසී ය.

15 වැනිදා සිදුකළ වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දැක්වීම සඳහා හෝ බලධාරීන් කටයුතු කර නැතැයිද මේ නිසා පවතින රේගු පනත සංශෝධනය කරන්නේ කුමන හේතුවකටද යන්න සහ නව පනතක් ගෙනඑන්නේ ඇයිද යන්න පිළිබඳ බලධාරීන් පැවසිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ අඩුම තරමින් වෘත්තීය සමිති සමග බලධාරීන් සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවත් මේ නිසා නිලධාරීන් ගෙන තිබෙන තීරණයට විරෝධය පෑමක් ලෙස අද සිට ගැටලුව විසඳන තෙක් තම සාමාජිකයන්ගේ සේවය පැය 08 වැඩ මුරයට පමණක් සීමා කරන බවත් මෙම කාලය තුළදී අතිකාල සේවාවල නිරත නොවන බවත් උදිත ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment