පුස්සැල්ලාව ස්ථානාධිපතිට ස්ථාන මාරුවක් 

පුස්සැල්ලාව ස්ථානාධිපතිට ස්ථාන මාරුවක් 

පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ සිරමැදිරියක් තුළදී සැකකරුවෙකු  ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියට අදාළව පුස්සැල්ලාව පොලීසියේ ස්ථානාධිපතිවරයාට ගම්පොල පොලිස් ස්ථානය වෙත  තාවකාලික ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

මහනුවර, මාතලේ කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි මෙම ස්ථාන මාරුවක් ලබා දී ඇත.

අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තුවකට අදාළව පුස්සැල්ලාව පොලීසිය මගින් පෙරේදා (17) පස්වරුවේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර 30 හැවිරිදි මෙම සැකකරු සිරමැදිරිය තුළ රඳවා සිටියදී ගෙල වැලලාගෙන මියගොස් තිබුණි.

එම සිද්ධියට අදාළව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමටද කටයුතු කර තිබේ.

මේ අතර පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයාට තාවකාලිකව ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස අමාත්‍ය පලනි දිගම්බරම් මහතාද අද දින පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව වාර්තා විය. 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment