ජනපති නිව්යෝර්ක් නුවරට ළඟාවෙයි

ජනපති නිව්යෝර්ක් නුවරට ළඟාවෙයි

එක්සත් ජාතීන්ගේ 71වන මහාමණ්ඩල රැස්වීම ආමන්ත්‍රණය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට ජෝන් එෆ්. කෙනඩි ගුවන්තොටුපළින් නිව්යෝර්ක් නුවරට ළඟා වී ති‍බේ.

අද ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය ලබන 26 වනදා දක්වා පැවැත්වෙන අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑං කී මූන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව මෙවර හේතුන් කිහිපයක් මත විශේෂත්වයක් ගනු ලබයි.

මෙම සැසිය ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන දෙවන අවස්ථාව වන අතර වත්මන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ අවසන් මහා මණ්ඩල සැසිය ද වේ.

එම සමුළුවේ ප්‍රධානත්වය අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් දරනු ලබයි. බැරැක් ඔබාමා ද මෙම සමුළුව ඇමතිමට නියමිත අතර ඔහු විසින් මෙම සමුළුව අමතනු ලබන අවසන් අවස්ථාව බවද වාර්තා වේ. 

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 21 වනදා මෙම සමුළුව ඇමතීමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment