ගොවියෝ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වටලයි

ගොවියෝ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වටලයි

ලොකු ලූණු කිලෝවට රුපියල් 80ක 90ක මිලක් ඉල්ලමින් ලොකු ලූණු ගොවීන් 500ක් පමණ අද (28) උදෑසන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වටලාගෙන උද්ඝෝෂණයක් ඇරඹූහ.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය හේතුවෙන් දඹුලු ආර්ථික මධ්‍යස්ථානය පැයක පමණ කාලයක් වසා දැමීමට එහි පාලකයින් පියවර ගෙන තිබේ.

එළවළු රැගත් ලොරි 100ක් පමණ ඒ අසල මාර්ගයේ නතර කර ඇති අතර කිසිම ලොරියකට මධ්‍යස්ථානයට ඇතුළු විය නොහැකි ලෙස ගේට්ටුද වසා ඇත.

දඹුල්ල පොලීසිය පැවසුවේ මේ හේතුවෙන් මහනුවර - යාපනය ඒ නවය මාර්ගය ද, දඹුල්ල - කොළඹ ඒ හය මාර්ගයද ගොවීන් විසින් අවහිර කර ඇති බවයි.

ගොවීන්ගේ ඉල්ලා සිටින්නේ තමන්ට ලොකු ළුණු කිලෝවක් සඳහා රුපියල් 80ත් 90ත් අතර මිලක් ලබාදීමට නොහැකි නම් ආර්ථික මධ්‍යස්ථානය වසා දමන ලෙසයි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment