මාතර හිරගෙදර ඇතුළේදී දිවිනසාගත් ගුවන් විදුලි නිවේදකයා

මාතර හිරගෙදර ඇතුළේදී දිවිනසාගත්
ගුවන් විදුලි නිවේදකයා

මාතර බන්ධනාගාරයෙහි රැඳවියකු ඊයේ (19 දා) උදැසන ගෙල වැලලාගෙන දිවි හානි කරගෙන තිබුණා.මාතර ප්‍රදේශයේ ප්‍රකට ප්‍රාදේශිය ගුවන් විදුලි නාලිකාවක නිවේදකයෙකු ලෙස සිටි සමයේ 2011 වසරේදී එම නාලිකාවේ ළමා වැඩසටහනක පටිගත කිරීම් සදහා පැමිණි 14 හැවිරිදි පාසල් සිසුවියක රවටා ඇතුළකට රැගෙන ගොස්
දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නිවේදකයා චෝදනා ලැබ සිටියා. ඔහු එම චෝදනාවන්ට අධිකරණයේදී වරදකරුවූ අතර මීට සතියකට පමණ පෙර ලබාදුන් තීන්දුවට අනුව බරපතල වැඩසහිතව වසර 12 මාස 3 ක සිර දඩුවමකට ලක්කරනු ලැබුවා.



තමාට දිගු කලක් සරගෙදර ගතකරන්නට සිදුවීම හා තමාට ඉදිරි කාලයක සමාජයට මුහුණ දෙන්නට අපහසුතා ඇතිවේය යන කලකිරීමට පත්ව බලවත් සිත් තැවුලෙන් කල්ගෙවූ ඔහු ඊයේ උදැසන 8-9 ත් අතර කාලයේදී මාතර බන්ධනාගාරයේ වැසිකිලියක් තුළදී රෙදි පටියකින් ගෙල ඔතාගෙන එහි උස් තැනක කූරක පටිය එල්ලාගෙන දිවි හානි කරගන්නට උත්සාහ කළා.
එම අවස්ථාවේ වෙනත් සිර කරුවෙකු එය දැක නිලධාරීන්ට දන්වා තිබුණ නමුත් ඔහු මාතර රෝහලට ගෙන යනවිට මියගොස් තිබුණා.
 මෙසේ මියගොස්‌ ඇත්තේ නාඳුගල වටගෙදර පදිංචිව සිටි හේවා මද්දුමගේ ගාමිණී ජයතුංග නමැති 49 හැවිරිදි අයෙකි.
 මාතර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක මහින්ද කල්දේරා මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment