ක්ලින්ටන් ගෝලීය සංසදයේ සමාරම්භක සැසියේ ජනපති විශේෂ ආරාධිතයෙකු වෙයි

ක්ලින්ටන් ගෝලීය සංසදයේ සමාරම්භක සැසියේ ජනපති විශේෂ ආරාධිතයෙකු වෙයි

“ක්ලින්ටන් ගෝලීය සංසදයේ 2016 වාර්ෂික හමුව” ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි Sheraton New York Times Square හෝටලයේදී ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක සැසියේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහභාගී විය.

“තිරසාර සංවර්ධනය සඳහා කාන්තාවන් බලගැන්වීමේ මෙහෙයුම” තේමාව යටතේ රටවල් 12 ක රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

මෙහි ආරම්භක දේශනය අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතාගේ දියණිය වන චෙල්සි ක්ලින්ටන් මහත්මිය (Chelsea Clinton) විසින් සිදු කළාය.

එම හමුවට එක්වූ රාජ්‍ය නායකයින් පිළිගැනීම බිල් ක්ලින්ටන් මහතා විසින් සිදු කළ අතර ගෝලීය එකමුතුව වර්ධනය සඳහා ශී‍්‍ර ලංකාවෙන් ලැබෙන දායකත්වය එහිදී ඇගයීමට ලක් කෙරිණි.

ඉතාලි අග‍්‍රාමාත්‍ය මැට්යුව් රෙන්සි (Matteo RENZI) ස්වීඩන අග‍්‍රාමාත්‍ය ස්ටැෆන් ලොෆ්වේන් (Stefan Lofven) යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment