ආදායම් බදු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ තැතක්?

ආදායම් බදු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ තැතක්?

මෙරට දේශීය ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ලබාදීම සඳහා වසර 80ක් පුරා ඍජුවම දායකත්වය දැක්වූ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගම් නියෝජිතයින් කණ්ඩායමක් විසින් මල්වතු මහනාහිමි අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් හමුවී ප්‍රකාශ කර සිටියේය.

එම නියෝජිතයින් පිරිස අද (22) පෙරවරුවේ මල්වතු මහ විහාරය වෙත පැමිණ මහනාහිමියන් බැහැදැක කියාසිටියේ මෙම කුමන්ත්‍රණයේ මූලික පියවර වශයෙන් මෙරට බදු මුදල් එකතු කිරීමේ කාර්යය අමෙරිකානු සමාගමකට පැවරීම සඳහා මේ වනවිටද සියළු කටයුතු සකසා අවසන් බවත් මේ වනතුරුත් දේශීය අාදායම් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය ඒ පිළිබඳව දැනුවත් කර නොමැති බවත්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සිමිති සන්ධනායේ කැඳවුම්කරු එච්.ඒ.එල්. උදයසිරි මහතා සඳහන් කළේ මෙම කටයුත්ත සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරිය පමණක් දැනුවත් කිරීමට කටයුතු කොට ඇති අමාත්‍යවරයාගෙන් තම වෘත්තීය සංගමයට සාකච්ඡාවක් ලබාදෙන මෙන් 06 වතාවක් ඉල්ලීම් කළද මේ දක්වාම එය ඉටුකර නොමැති බවයි.

මහනුවර - කමල් සුරවීර 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment