නව පක්ෂයක් ජයග්‍රහණය කරා මෙහෙයවීම එය පිහිටුවීම තරම් පහසු කාරණයක් නොවන බවත් අද දවසේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විවිධ පිරිස් කුමන දේ කීවද එම ප්‍රායෝගික තත්ත්වය ගැන දන්නා මහින්ද රාජපක්ෂ මහතා තවමත් ඍජුව නව පක්ෂයක් පිහිටුවීම පිළිබඳව කතා නොකරන බවත් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මෙරට පිහිටවූ දේශපාලන පක්ෂවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජතික පක්ෂය සහ වමේ දේශපාලන පක්ෂ හැරුණුවිට බිහිවූ බොහෝ පක්ෂ පවත්වාගෙන යාමට නොහැකි වූ බවත් එම තත්ත්වය පිළිබඳව හොඳින් දන්නා හිටපු ජනාධිපතිවරයා නව පක්ෂයක් පිහිටුවීම පිළිබඳව කතා නොකර නව පෙරමුණක් පිළිබඳව පමණක් කතා කරන බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද පවතින ජාතික ආණ්ඩුව මෙරට ඇතිකිරීමට හේතුවූයේ 2015 වසරේ අගෝස්තු මාසයේ පැවති මහමැතිවරණයේදී ජනතාව දුන් දේශපාලන තීන්දුව මත බවයි.
මාතර - කැලුම් බෝධිමාන
0 comments :
Post a Comment