මහින්දගේ ගෝලයින්ට මේ දවස්වල ෆෝන් කෝල් වර්ග දෙකක්



ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ශ්‍රිලනිපයේ මෛත්‍රී පිලටත් තවත් කොටසක් එජාපයටත් නැවත එක්කර ගැනීමේ මෙහෙයුම් දැන් ආරම්භවී ඇතැයි දේශපාලන ආරංචි හෙළි කරනවා.

ඒ අනුව එම පිරිස් බිලී බා ගැනීම සඳහා

එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දුරකථන මාර්ගයෙන් හා දූතයින් හමුවීමට යොදවා සාකච්ඡා අරඹා ඇත.
එක්සත් ජාතික පක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වූ පිරිස යළිත් එම පක්ෂයට යළි එක්වීමට සූදානමක් ඇතැයි ද ඉරිදා ජාතික පුවත්පත් මගින් හෙළිදරව් කර ඇත.
 එජාප නායක රනිල් වික්‍රමසිංහ පසුගිය කාලයේ ගන්නේම නැතැයි  කියමින් දැඩි ප්‍රතිපත්තියක සිටි අය ගැනද යළි සලකා නම්‍යශීලී ප්‍රතිපත්තියකින් ඔවුන් දිනා ගැනීමට මේදිනවල කටයුතු යෙදී ඇති බවටද ආරංචි පළවේ.
 ඉදිරි අයවැය විවාද සමයේදී මෙම පක්ෂ මාරු පාර්ලිමේන්තුව තුළදී සිදු කරනු ඇතැයිද වාර්තාවේ.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment