ලකප් එකේදී දිවිනසාගත් සිරකරුවා නිසා පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්




පුස්සැල්ලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිරමැදිරිය තුළදී ගෙළ වැලලාගෙන සියදිවිනසාගැනීමේ සිද්ධියක් නිසා එම මැදිරිය භාරව සිටි නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ශ‍්‍රී ලංකා
පොලිසිය පියවර ගෙන ඇත.

වසය අවුරුදු 30ක් වූ රවිරාජ් කවිචන්ද්‍රන් නමැති මෙම පුද්ගලයා අධිකරණ වරෙන්තුවක් මත ඊයේ සවස් කාලයේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙලෙස සිරමැදිරිය තුළ ගෙළ වැලලාගෙන මියගොස් ඇත්තේ රාත‍්‍රී කාලයේය.
මරණ පරීක්ෂණය තවම පැවැත්වෙන අතර ගෙළ වැලලාගෙන මියගියත් ඒ මියගිය හේතුව තවම ප‍්‍රකාශ කර නැත. පරීක්ෂණ නිමවනතුරු රාත‍්‍රී කාලයේ එම මැදිරිය භාරව සිටි නිලධාරීන් දෙදෙනා වැඩ තහනම් කරන්නට පොලිස් මූලාස්ථානය තීරණය කර තිබේ.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment