'ලංකාවේ හිස කුඩා දරුවන් හා සිකා අතර සම්බන්ධතාවක් නෑ'

'ලංකාවේ හිස කුඩා දරුවන් හා සිකා අතර සම්බන්ධතාවක් නෑ'

පසුගිය මාස 7ක කාලය තුළදී ශ්‍රී ලංකාවේ දී හිස කුඩා දරුවන් විසි දෙදෙනෙකු ඉපදීමත්, සිකා වයිරසයත් අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල පවසයි.

"යම් දරුවෙක් වාර්තා වුනොත් හිස කුඩා කියලා, අපි ඒ දරුවා ගැන ඒ මව ගැන තොරතුරු විශ්ලේෂණය කරන්න ආරම්භ කරලා තියෙනවා, ඒ වගේම ඩෙංගු රෝගය වැළදුණු අයගේ රුධිර පටකත් අපි සිකා වයිරසය තිබේදැයි පරික්ෂා කරනවා. අද වෙනකම් ඒ පරික්ෂා කිරීම තුල කිසිම සිකා රෝගියෙක් වාර්තා වෙලා නැහැ" ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර පසුගිය දා හලාවත ප්‍රදේශයෙන් වාර්තා වුනු ඉන්දියාවේ වන්දනාවකට ගොස් පැමිණ 'ඉන්ෆ්ලුවෙන්සා වයිරසය වැළඳීමෙන් මරණයට පත්වූ පුද්ගලයන් දෙදෙනාට වැලදී ඇත්තේ ශ්‍රී ලංකාවේ සැරිසරන වයිරසයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

කෙසේවෙතත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයවර්ධන මහතා සඳහන් කර ඇත්තේ හිස කුඩා දරුවන් 22ක් ගත වූ මාස 07තුළදී ඉපදී ඇති බවයි.

මෙම දරුවන්ගේ හිස කුඩා වීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද එම පරීක්ෂණ අවසන් වූ පසුව එයට හේතුව හදුනා ගත හැකි බවත් හෙතෙම සඳහන් කර තිබිණි.

ප්‍රවේණිගත රෝග, වෛරස් රෝගයන් හා වෙනත් හේතු මත මෙසේ අලුත උපන් දරුවන්ගේ හිස කුඩා වන බව වෛද්‍ය ජයරත්න මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම දරුවන් 22 දෙදෙනාගේ මව්වරුන් ගර්භනී කාලය තුළ කිසිදු විදේශ සංචාරයක යෙදී නොමැති බවද කරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙළිව ඇතැයිද වෛද්‍යවරයා කියා සිටියේය.

පැරිස් ආධාර යටතේ ඉදිරි වසර දෙක තුළදී හිස කුඩාවට උපදින  දරුවන්  සම්බන්ධයෙන් විශේෂ  පර්යේෂණයන් දියත් කරන බව ද වෛද්‍ය කපිල ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment