ඉදිරියේදී මන්ත්‍රීවරුන්ගේ වැටුප් දීමනාත් ඉහළට? 

ඉදිරියේදී මන්ත්‍රීවරුන්ගේ වැටුප් දීමනාත් ඉහළට? 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප්, දීමනා සහ අනෙකුත් පහසුකම් වැඩිකිරීමට ඉදිරියේදී සලකා බලන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා පෙරේදා (21) පාර්ලිමේන්තුවේ මේ බව ප්‍රකාශ කර තිබේ. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුපට අමතරව කාර්යාල දීමනාව, දුරකථන දීමනාව සහ ඉන්ධන දීමනාව ලබා දේ.

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ වැටුප හා දීමනා වැඩිකිරීමේ හා ස්වාධීන කොමිෂන් සභා නවයක සභාපතිවරු ඇතුළු සාමාජිකයන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී පෙරේදා (21) සභා සම්මත විය.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයේ රාජකාරි කළ ජනාධිපති නීතිඥ ඒ.ඒ.පී. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ධුරයට පත් කිරීමෙන් පසු ඇයට පෞද්ගලික වන සේ අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයේ වැටුප හා දීමනා හිමිවනු ඇත.

ස්වාධීන කොමිෂන් සභා නවයේ සභාපතිවරුන්ට (නිල බලයෙන් පත්වන සභාපතිවරුන් හැර) රුපියල් ලක්ෂයක මාසික දීමනාවක්ද, රුපියල් දස දහසක දුරකථන දීමනාවක්ද, පෞද්ගලික භාවිතයට හිමිකම් සහිත නිල වාහනයක් සහ ඒ සඳහා ඉන්ධන ලීටර් 225ක් හෝ වෙළෙඳ‍පොළේ පවත්නා මිල ගණන් අනුව දීමනාවක්ද පාර්ලිමේන්තුව සම්මත කළ යෝජනාව ප්‍රකාරව හිමිවනු ඇත.

නිල බලයෙන් පත්වන සභාපතිවරුන්ට නිත්‍ය තනතුරේ වැටුප් හා දීමනාවලට අතිරේකව ස්වාධීන කොමිෂන් සභාවන්හි සභාපතිවරයෙකුගේ මාසික දීමනාවෙන් 50ක දීමනාවක්ද හිමිවේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment