එල්ටීටීඊයට පැනවූ යුරෝපා තහනම ඉවත් කරන්නැයි මතයක්

එල්ටීටීඊයට පැනවූ යුරෝපා තහනම ඉවත් කරන්නැයි මතයක්

යුරෝපා සංගමය විසින් තහනම් ත‍්‍රස්ත සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කර ඇති එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත සංවිධානය සහ පලස්තීන හමාස් සංවිධානය ඉවත් කළ යුතු යැයි මතයක් පළවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ත‍්‍රස්ත ක‍්‍රියා සඳහා එම සංවිධාන සහභාගී වූ බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්කි මෙතෙක් ඉදිරිපත්ව නැති බවට යුරෝපා සංගම් අධිකරණ උපදේශකවරයෙකු ප්‍රකාශ කර ඇත.

2014 වසරේදී මෙම සංවිධාන දෙකම යුරෝපා සංගමය විසින් තහනම් ත‍්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීත්දු කළේය.

සිය කණ්ඩායම් යුරෝපා ත‍්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇති එල්.ටී.ටී.ඊ හා හමාස් සංවිධාන නියෝජිතයින් පිරිසක් යුරෝපා සංගම් ප‍්‍රාථමික අධිකරණය හමුවේ නඩු පවරා තිබූණි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment