යාපනය කෝපායි නීර්වෙලි ප්‍රදේශයේදී අමානුෂිකව සිය කුඩම්මාගෙන් පහර කෑමට ලක්වූ දැරියගේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අද (23) යාපනය අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් කේ. අරියානගම් මහතා නියෝග කළේය.
පහර කෑමට ලක් වූ දැරිය අද උදෑසන කෝපායි පොලීසිය විසින් යාපනය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේ දැරිය අමානුෂිකව පහර කෑමකට ලක් වී ඇති බැවින් පහර කෑමෙන් ඇගේ ශරීරයේ ඇති වී තිබෙන වෙනස්කම්, කැලල් මෙන්ම මානසිකත්වය සලකා බලා තීන්දුවක් ලබා දීමට පෙර ඇය අධිකරණ වෛද්‍යවරයාට යොමු කොට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටත් දැරියගේ කුඩම්මාගෙන් හා පියාගෙන් වැඩිදුර ප්‍රශ්න කරන ලෙසටත්ය.
මේ වන විට දැරියට කෝපායි පොලිසිය විසින් රැකවරණය ලබා දෙයි.
දැරියගේ කුඩම්මා විසින් අමානුෂිකව පහර දෙන අයුරු අසල්වැසියෙකු විසින් පටිගත කර අන්තර්ජාලයට එක් කිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
වන්නි - රොමේෂ් මධුෂංඛ
0 comments :
Post a Comment