ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු බෝඩ් ලෑල්ලක් හෝ ඩාර්ලි පාරේ පිහිටි ගොඩනැගිල්ලක් හෝ නොවන බවට එල්ල වන චෝදනා පිළිගන්නා බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව කියාසිටියේ අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා කියාසිටියේ එම චෝදනා පිළිගෙන, ගැටළු අවබෝධ කරගෙන සමගියෙන් කටයුතු කිරීමට තමන් ඇතුළු පිරිස සූදානම් බවත් එනිසා ඒකාබද්ධ විපක්ෂයේ සියළු දෙනාට ශ්‍රිලනිපය සමඟ එක්ව සහයෝගයෙන් කටයුතු කරන ලෙස තමන් ආරාධනා කරන බවත්ය.
එසේ නොමැතිව වෙනත් බලවේග ගොඩනැඟීමට කටයුතු කරන්නේනම් ඒ පිරිස් දැනුවත්ව හෝ නොදැනුවත්ව කුමන්ත්‍රණයකට හසුව ඇති බව පිළිගත යුතු බව ඒ මහතා කියා සිටියේය.
පසුගිය කාලය තුළ විනය පරීක්ෂණ පැවැත්වීමට බොහෝ පිරිසකට බොහෝ හේතු කාරණා තිබුණද ඒවා ඒ අයුරින් ක්‍රියාත්මක නොවුණේ සියලුදෙනා එක්ව ගමනක් යායුතු බැවින් බව හෙතෙම අවධාරණය කළේය.
නෙළුමක ලාංඡනයෙන් යුතුව නව දේශපාලන පක්ෂයක් ලෙස ඒකාබද්ධ විපක්ෂය සංවිධානය වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ එම නෙළුම කාලෙක සිට පැවති බව හා එය කිසිවිටෙකත් නොපිපෙන බවයි.
එබැවින් ඒ පිළිබඳ කිසිදු බියක් නොමැති නමුත් එකට එක්ව ගමනක් යාමට ශ්‍රීලනිපය වඩා කැමති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
0 comments :
Post a Comment