විග්නේෂ්වරන්ගේ විරෝධතාවයට මනෝ ගනේෂන්ගේ විරෝධය

විග්නේෂ්වරන්ගේ විරෝධතාවයට මනෝ ගනේෂන්ගේ විරෝධය

උතුරේ මහ ඇමති සී.වි විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) යාපනයේදී පැවැත්වුණු 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි නැගිටින්න' වැඩසටහන අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ බව ප්‍රකාශ කොට ඇත.

අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ එම වැඩසටහන 'දෙමළ ජනතාවනි නැගිටින්න' ලෙස නොව 'ශ්‍රී ලාංකිකයිනි නැගිටින්න' ලෙස නම්කර තිබුණේ නම් වඩා හොඳ බවයි.

මෙවැනි වැඩසටහන් මගින් ජාතික සංහිඳියාව හා සමගිය ගොඩනැගීමට බාධාවක් බව අමාත්‍යවරයා එමගින් පෙන්වාදෙයි.

නැගිටින්න ශ්‍රී ලංකා සංකල්පය තුළ දෙමළ පමණක් නොව සියලූම ජාතින් ආමන්ත්‍රණය කරන බැවින් එම වැඩසටහනේ නම එලෙස වෙනස් වීම සුදුසු බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

දෙමළ ජනතාවටත් අයිතිවාසිකම් දිනාගත හැක්කේ ලාංකික අනන්‍යතාවය යටතේ බැවින් දෙමළ ජනතාව ඇතුළු සෙසු ජනතාවගේ මූලික අයිතිය හා සමගිය එමඟින් තහවුරු වන බව අමාත්‍යවරයා එහිදී කියාසිටී.

මේ හේතුවෙන් සමගිය යන මූලික අඩිතාලම තහවුරු නොවුනේ නම් ලාංකික යන අනන්‍යතාවයට වටිනාකමක් නැති වෙන බවද ඔහු එමගින් පෙන්වාදෙයි.

මෙවැනි වැඩසටහන් නිසා 'නැගිටින්න සිංහල' වැනි වැඩසටහන් ඇතිවීම වළක්වා ගත යුතු බව පෙන්වාදෙන ඒ මහතා එවැනි දෑ ඇති වුවහොත් එය කනගාටුදායක කරුණක් බවද සඳහන් කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment