සුවඳ විලවුන් නියාමනයට පනතක්

සුවඳ විලවුන් නියාමනයට පනතක්

සුවඳ විලවුන් සඳහා නියාමන පනතක් කඩිනමින් ගෙන ඒමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කරන බවයි.

මේ වනවිට වෙළඳපොලේ ප්‍රමිතියෙන් තොර සුවඳ විලවුන් ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියාසිටී.

එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා කියාසිටියේ එලෙස ප්‍රමිතියෙන් තොර සුවඳ විලවුන් භාවිතා කිරීමෙන් පාරිභෝගිකයින් දැඩි අවධානමකට ලක්විය හැකි බැවින් ඊට කඩිනම් පියවර ගතයුතු බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment