යෝෂිතට රට යන්න අවසර

යෝෂිතට රට යන්න අවසර

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යාම සඳහා හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා අවසර ලබා දුන්නේය.

සීඑස්එන් නාළිකාවට මුදල් යෙදවීම සම්බන්ධයෙන් මුදල් අවභාවිත කළැයි කඩුවෙල අධිකරණයේ පවතින නඩුවක් සඳහා ඇප ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ ඇප කොන්දේසියක් ලෙස විදෙස් ගමන් තහනම් කර තිබිණි.

සිය දකුණු දණහිසේ සහ වළලුකර ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මසක කාලයකට ඔස්ට්‍රේලියාවට යාමට ඔහු අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment