රේගු වර්ජනය අවසන්

රේගු වර්ජනය අවසන්

රේගු ආඥා පනත අහෝසිකර ජාවාරම්කරුවන්ට වාසි සැලසෙන අයුරින් නව රේගු පනතක් සකස් කිරීමට විරුද්ධව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මේ දක්වා ගෙනගිය අකුරට වැඩකිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (23) දහවල් සිට අත්හිටවු  බව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

පසුගිය 15වැනි දා ලෙඩ නිවාඩු දැමීමෙන් ඇරඹූ වර්ජනය 19 වැනි දා සිට අකුරට වැඩකිරිමේ ක්‍රියාමාර්ගය අද (23) දක්වා පැවැත්විණි.

සාමාන්‍ය සේවා දිනයන් ලෙස සෙනසුරාදා (24) ඉරිදා (25) රාජකාරි කළ යුතු බවත් අතපසු වු ආනයන - අපනයන අංශයන්වල කටයුතු කළ යුතු බවත් එම සංගමය සඳහන් කළේය.

මුදල් අමාත්‍යවරයා සමග එළඹෙන 27වන දින සාකච්ඡාවක් ලබාදීමට එකඟතාව පළකිරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අත්හිටවු බව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු සුදත් සිල්වා මහතා සඳහන් කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment