පිටස්තර පාසල්වලින් උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිඵල එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් උසස් පෙළ විභාගය හැදෑරූ දිස්ත්‍රික්කය පදනම් කරගෙන නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අදාළ සිසුන්ට විභාගයට මුහුණදීමට වෙනත් පාසල් ලබාදුන් විදුහල්පතිවරුන්ට එරෙහිව විනයානුකූලව පියවර ගැනීමට ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී පාසල් 15කට අධික ගණනක් කේන්ද්‍ර කරගනිමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් තමන් ඉගෙනගත් පාසලින් බැහැරව වෙනත් පාසල්වලින් විභාගයට පෙනී සිට ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනට සිදුකර තිබෙන මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
අදාළ සිදුවීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පුළුල් පරීක්ෂණයක් සිදුවන අතර එම පරීක්ෂණ වාර්තා අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබුණු පසු අදාළ තීරණය ගැනීමට සැලසුම් කර තිබේ.
සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විභාග ප්‍රතිඵල නිසි ලෙස නිකුත් කිරීමට පියවර ගත්තද එම ප්‍රතිඵලය සලකා බලන දිස්ත්‍රික්කය අදාළ සිසුවා සිය අධ්‍යාපන කටයුතු සිදුකළ දිස්ත්‍රික්කයට අනුව සිදුකෙරෙනු ඇත.
ඒ සම්බන්ධව අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා කියාසිටියේ, පිටස්තර පාසල්වලින් උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිඵල නිකුත් වන්නේ කුමන දිස්ත්‍රික්කයකට පදනම්වද යන්න සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව අවසන් තීරණය කිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2008 වසරේ අප්‍රේල්30 වැනිදා නිකුත් කර තිබෙන චක්‍රලේඛයේ 6.1 වගන්තියට අනුව, පහසුකම් සහිත පාසල්වලින් අධ්‍යාපනය හදාරා දුෂ්කර පාසල්වලින් විභාගයට පෙනී සිට දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයට හිමි කෝටාව මංකොල්ලකාගත නොහැකි බව දන්වා තිබේ.
එම චක්‍රලේඛයේ 6.2 වගන්තියට අනුව සඳහන් වන්නේ යම් ලෙසකින් ස්ථාන මාරුවීමක් හේතුවෙන් මෙවැනි දෙයක් සිදුවන්නේ නම් ආයතන ප්‍රධානියාගේ සහතිකය ඇතුළු තහවුරු කිරීමේ සහතික ඉදිරිපත් කිරීමෙන් පමණක් පාසලක් මාරු කරගත හැකි බවයි.
0 comments :
Post a Comment