පොලිස් කාන්තාවන් ඉහළට යන්න සම අයිතිය ඉල්ලයි

පොලිස් කාන්තාවන් ඉහළට යන්න සම අයිතිය ඉල්ලයි

පොලිස්පති ධුරය දක්වා කාන්තා ‍පොලිස් නිලධාරිනියන්ට ඉහළට යාමට සම අවස්ථාව දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට කාන්තා ‍පොලිස් නිලධාරිනියන් සූදානම් වන බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි. 

මේ වනවිට තමන්ට උසස්වීම් ලබාදෙන ලෙස ඉල්ලමින් කාන්තා ‍පොලිස් අධිකාරිවරියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කර තිබේ.

කාන්තා ‍පොලිස් නිලධාරිනියන්ට මේ වනවිට උපරිම උසස්වීම් ලබාගත හැක්කේ ‍පොලිස් අධිකාරී ධුරය දක්වා පමණි. දැනට එම තනතුර දක්වා ඉහළට ගිය ‍පොලීසියේ ස්ථිර සේවයේ නිලධාරිනියන් සිටින්නේ දෙදෙනෙක් පමණි.

මෙම වසර ආරම්භ වන විට සහකාර ‍පොලිස් අධිකාරිවරියන් 10 දෙනෙක්ද, ප්‍රධාන ‍පොලිස් පරීක්ෂිකාවන් 17 දෙනෙක්ද, පොලිස් පරීක්ෂිකාවන් 220 දෙනෙක්ද, උප ‍පොලිස් පරීක්ෂිකාවන් 601 දෙනෙක්ද, සැරයන්වරියන් 1251 දෙනෙක්ද, කොස්තාපල්වරියන් 6241 දෙනෙක්ද සේවයේ නිරතව සිටියාය. 

සහකාර ‍පොලිස් අධිකාරි ධුරය දරණ නිලධාරිනියන් අතර ‍පොලිස්පති ධුරය හෝ ඒ ආසන්න තනතුරක් සමග ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ධුරය දක්වා ඉහළට යාමට සුදුසුකම් ඇති නිලධාරිනියන් තිදෙනකුම සිටින බව කාන්තා ‍පොලිස් නිලධාරිනියෝ පෙන්වා දෙති.

පිරිමි සහ කාන්තා නිලධාරිනියන් අතර ඇති අනුපාතය කාන්තා නිලධාරිනියන් ‍පොලිස් අධිකාරි ධුරයෙන් ඉහළට යාමට බාධාවක් බව පිරිමි නිලධාරීන් පෙන්වමින් කාන්තා නිලධාරීන් ඉහළට යාම වළක්වා ඇති බව කාන්තා නිලධාරීහු පෙන්වා දෙති.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment