සැත්කමක් සඳහා යෝෂිත රට යන්න අවසර ඉල්ලයි

සැත්කමක් සඳහා යෝෂිත රට යන්න අවසර ඉල්ලයි

මුදල් විශුද්ධිකරණ පනත යටතේ විදේශ ගමන් තහනමකට ලක්ව සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියාවට යාමට කළ ඉල්ලීම ලබන 28 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර.හෙයියන්තුඩුව මහතා අද (22) තීරණය කළේය.

ඔහු වෙනුවෙන් පෙනී සිටි ගාමිණී මාරපන නීතිඥවරයා ප්‍රකාශ කළේ යෝෂිත රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යාමට ඉල්ලීම් කරනුයේ රගර් ක්‍රීඩාවේදී ඇතිවූ ආබාධයකට සැත්කමක් කිරීම සඳහා බවයි.

ඒ වෙනුවෙන් ඔහුට මාසයක් කාලයක් සඳහා අවසර දෙන ලෙසද නීතිඥවරයා ඉල්ලා සිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. ඇයි මුගේ %$#@ දිග වැඩි කරගන්නද යන්න අහන්නේ. ඉස්සෙල්ලා හිරේ ගිහින් ඊට පස්සේ යන තැනක පලයන්.

    ReplyDelete