නොවැම්බරයේ ඇරඹෙන BPL තරගාවලියට ශ්‍රීලංකාවෙන් සංගා මහේල ඇතුලු සුපිරි 07 ක් විකිණෙයි..

එළැඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා නායකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර ගිවිසුම් ගතව ඇති බව එරට ක්‍රීඩා පුවත් වාර්තා පවසයි.

එ අනුව මොවුන් දෙදෙනාම ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් තබා ඇති බව පැවසේ. නොවැ. 4 දා සිට දෙසැම්බර් 9 දා දක්වා බංග්ලාදේශයේ පැවැත්වෙන මෙම තරගාවලියේ දී විදෙස් ක්‍රීඩකයන් 31 දෙනකු අදාළ කණ්ඩායම් සඳහා එහි ප්‍රධානීන් මිලයට ගෙන තිබේ.


මෙම 31 දෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනකුම අතුළත්ව සිටීම කැපී පෙනෙන කරුණකි. මහේල හා සංගාට අමතරව තිසර පෙරේරා හා නුවන් කුලසේකර, කොමිලා වික්ටෝරියන්ස්  එක්වීමට නියමීතය. ඩිල්ෂාන් මුණවීර බරිසල් බුල්ස් පිලට ද, චතුරංග ද සිල්වා චිතගොන්ස් වයිකිංග්ස් පිලට ද  මීලදී ගෙන ඇත.


ශ්‍රී ලංකා ක්‍රීඩක දසුන් චානක ද රැන්ග්පූර් රයිඩර්ස් එක්වීමට නියමීත වේ. එසේම කණ්ඩායම් සඳහා මුලින්ම ගත් ක්‍රීඩකයන්ට අමතරව එක්වන විදෙස් ක්‍රීඩකයින්ට ගෙවන මුදල් ප්‍රමාණය මත ක්‍රීඩකයින් කණ්ඩායම්වලට බෙදා දක්වා ඇත.


මෙහි දී ‘ඒ’ කාණ්ඩයෙන් ඇ. ඩොලර් 70,000 සඳහා ශ්‍රී ලංකාවෙන් සීකුගේ ප්‍රසන්න ද ‘බි’ කාණ්ඩයෙන් ඇ. ඩොලර් 50,000ක් සඳහා චාමර කපුගෙදර, උපුල් තරංග, සචිත්‍ර සේනානායක, කෞෂාල් සිල්වා, ‘සී’ කාණ්ඩයෙන් ඇ. ඩොලර් 40,000 සඳහා ජීවන් මෙන්ඩිස් හා මිලින්ද සිරිවර්ධන,‘ඩී’ කාණ්ඩයෙන් ඇ. ඩොලර් 30,000 සඳහා අජන්ත මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න, උදාර ජයසුන්දර, රමිත් රඹුක්වැල්ල, භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, ගිහාන් රූපසිංහ හා ඇන්ජලෝ පෙරේරා තෝරාගෙන ඇත.


මෙවර මෙම තරගාවලියට බංග්ලාදේශ ක්‍රීඩකයන් 133ක් ද, විදෙස් ක්‍රීඩකයන් 168ක් ද එක්වීම නිසා වඩාත් තරගකාරී මුහුණුවරක් ගනු ඇතැයි පැවසේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment