දෙමළ ජාතික සන්ධානය දෙකඩ වෙයි… !

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්  මහාතාගේ ප්‍රධානත්වයෙන් පසුගිදා  පැවති විරෝධතා ව්‍යපාරයෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය තුළ අභ්‍යන්තර ගැටළු මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා යාපනය ප්‍රදේශයේ රැස්වීමක් පැවති අතර ඊට දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු සහභාගී නොවනු බව වාර්තා වෙයි. ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සහභගී නොවුණු අතර ඊ.පි.ආර්.එල්.එෆ් සහ ප්ලොට් සංවිධානයේ සාමාජිකයින් මෙම විරෝධතා ව්‍යාපාරයට එක්ව ඇති බව පැවසේ.


ඒ අනුව මේ වන විට මෙම තත්ත්වය හමුවේ දෙමළ  ජාතික සන්ධානය තුළ අභ්‍යන්තර ගැටුමක් හටගෙන ඇති බවද වාර්තා වෙයි. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙකු අදාළ විරෝධතාව සම්බන්ධයෙන් සී.වී.විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයාට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම තත්ත්වය තුළ දෙමළ ජාතික සන්ධානය දෙකඩ වීමේ අවදානමක් මතුව ඇති බව ද වාර්තා වෙයි. මේ අතර ඊයේ(29) පැවති උත්සවයකදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ දෙමළ ඩයස්පෝරාව ද වර්තමානය වන විට දෙකඩ වී ඇති බවයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment