'විග්නේෂ්වරන් අස්විය යුතුයි' - ඥානසාර හිමි උතුරෙන් වැඩ අරඹයි (PHOTOS)

'විග්නේෂ්වරන් අස්විය යුතුයි' - ඥානසාර හිමි උතුරෙන් වැඩ අරඹයි (PHOTOS)

මෙරට තුළ ජාතිවාදය අවුස්සමින් ව්‍යවස්ථා විරෝධිව කටයුතු කරන උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වී. විග්නේශ්වරන් මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා 'උතුර රකින - රට සුරකින ජාතික බලවේගය' සංවිධානය අද (30) වව්නියාව නගරයේදී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මෙම විරෝධතාවයට එක් වු උතුරු පළාතේ නැවත පදිංචි කළ සිංහල වැසියන් ප්‍රකාශ කළේ උතුරු පළාත තුළ නැවත ජාතිවාදි අදහස් වපුරවමින් ව්‍යවස්ථාට පටහැනිව කටයුතු කරන උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු කණ්ඩායම වහාම අත්අඩංගුවට ගෙන දඩුවම් ලබාදිය යුතු බවයි.

උතුරේ ප‍්‍රධාන අමාත්‍යවරයා උතුරු පළාතේ ජිවත්වන සිංහල ජනතාව නොසළකා කටයුතු කරමින් සිටින බවට ඔවුන් මෙහිදී චෝදනා කළේය.

වව්නියාව උමාමහේශ්වරන් මංසන්ධිය ආසන්නයෙන් මෙම විරෝධතාවය ආරම්භ කරනු ලැබු අතර වව්නියාව නගරයේ මාර්ග පුරා ගමන් කරමින් ඔවුන් සිය විරෝධතාවයේ නිරතවෙයි.

විරෝධතාකරුවන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ සිය ඉල්ලීම් ඉදිරිපත්කරමින් සංදේශයක් ජනාධිපතිවරයා, අගමැතිවරයා, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි.

රාවණා බලය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, බොදු බලසේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි යන හිමිවරුන් මෙම උද්ඝෝෂණයට ක්‍රියාකාරී ලෙස සහාය වන අතර උතුරු පළාතේ විහාරස්ථානයන්ගේ නායක ස්වාමීන්වහන්සේලා, උතුරු පළාතේ නැවත පදිංචි ගම්මානයන්ගේ ජනතාව, සිවිල් සංවිධාන නියෝජිතයින්, ප‍්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටි බව වාර්තා වේ.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment